Showing posts with label ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා. Show all posts
Showing posts with label ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා. Show all posts

Friday, August 14, 2026

ඩාලිං මයි ලව්

ඩාලිං මයි ලව්

අපි දෙන්නම නිව්

හිරමණයයි පොල් බෑයයි වාගෙනේ

ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ

ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ ...//


ආසාවේ පණ යනවා රූපේ නිසා

මාව ගෙනියන්නේ කවදා දෝ ලෝකේ වටා ...//


රෝස මල වාගෙයි පණ මාගේ ආදරේ

බැන්ද  ආලේ නෑ කවදාවත් වෙන් වු⁣ණේ... //


ඕන නෑ ඩවුරී

ම්.. ඇයි ද පම්පෝරී

ඕන නෑ ඩවුරී

ඇයි ද පම්පෝරී


ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ

ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ


කේන්දරේ තිබුණ මගේ බඳිනවා කියා

ඒක හින්දයි කලිසම් දෙයියෙක් හෙව්වේ මෙමා


කේන්දරේ තිබුණ මගේ බඳිනවා කියා

ඒක හින්දයි කලිසම් දෙයියෙක් හෙව්වේ මෙමා


ප්‍රංශ කෙල්ලන්ගේ ලැජ්ජා නෑ ලව් එකේ

ඒව කියලා දෙන්නේ නැත්තේ ඇයි අනේ ...//


ඇයි ද මේ ගෝරී

ම්.... ඒව සුළු කාරී

ඇයි ද මේ ගෝරී

ඒව සුළු කාරී


ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ

ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ


ඩාලිං මයි ලව්

අපි දෙන්නම නිව්

කිරි මුහුදයි හඳ පානයි වාගෙනේ

ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ

ආවෙ සිකුරාගේ හොඳ කාලේ මා පණේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග එල්.එම්. පෙරේරා

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


තනුව හින්දි හෝ ද්‍රවිඩ ගීයකින් උපුටා ගෙන ඇත.


1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.

හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 632



මේ ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.


සැමට සුබ සෙත

හා හ හා

ලා ල ලා

සැමට සුබ සෙත වේ මෙදා

ගී කියා මේ සැමා

සනසවමි සිතු සේ මෙ මා ...//


හා හ හා

ලා ල ලා


නයන පිනවන රඟ පාලා

සවන පිනවන ගීත ගයාලා ...//


තාලෙට බඳ සොලවා

පාද තබා ඉඟ සුඟ නළවා


තාලෙට බඳ සොලවා

පාද තබා ඉඟ සුඟ නළවා


සැම තුටු කරලා

සිත සනසවලා 

මනහාරා 

රඟ පපා

සුරඟන රඟ වුව පරදමි මා

හා හ හා

ලා ල ලා


තනිව අර මුල්ලට වීලා

පරෙවි ජෝඩුව වාගෙයි දෙදෙනා


තනිව අර මුල්ලට වීලා

පරෙවි ජෝඩුව වාගෙයි දෙදෙනා


ගීත රසේ ගැලිලා

ආදරයේ රස මිහිර මවා


ගීත රසේ ගැලිලා

ආදරයේ රස මිහිර මවා


හද නැළවෙනවා 

සිත පොබයනවා

මනහාරා රඟ පපා

සුරඟන රඟ වුව පරදමි මා


හා හ හා

ලා ල ලා

සැමට සුබ සෙත වේ මෙදා

ගී කියා මේ සැමා

සනසවමි සිතු සේ මෙ මා


හා හ හා

ලා ල ලා....


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


තනුව හින්දි හෝ ද්‍රවිඩ ගීයකින් උපුටා ගෙන ඇත.


1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.


හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 632




මේ ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.

මේ සසරේහී සැමදා

අහෝ ඇයිද මේ ලෙස

දුකා ලෝ තුළේ හී....


අහෝ ඇයිද මේ ලෙස

දුකා ලෝ තුළේ හී....


මේ සසරේ හී සැමදා

දුකාමයි පිරීලා ...//


දියේ පා වූ දැව සේම තනිවී මෙ ලෝකේ //


ඉබාගාතේ යන්නේ සැපක් දෝ සොයාලා

මේ සසරේ හී සැමදා දුකාමයි පිරීලා


මහා සාගරේ මේ ජලේ මුත් පිරීලා

පිපාසේටවත් බොන්න හැකි වේදෝ කවදා //


අහෝ ඇයි ද ලෝ දම්

මෙසේ වෛර වීලා

මේ ලෝකේහි සැමදා තමාමයි තමන්ටා

දියේ පා වූ දැව සේම තනිවී මෙ ලෝකේ 


දියේ පා වූ දැව සේම තනිවී මෙ ලෝකේ 

ඉබාගාතේ යන්නේ සැපක් දෝ සොයාලා

මේ සසරේ හී සැමදා දුකාමයි පිරීලා


වැරැද්දේ දමාලා අහිංසක දිළින්දා


රජා සේ විනෝදේනි අපරාධකරුවා //


අහෝ කාසි හින්දා තමයි මේ විපාකේ

නවාතැන මුත් ලෝකේ

පලක් නෑ ඉන් ඔබටා


දියේ පා වූ දැව සේම තනිවී මෙ ලෝකේ 


දියේ පා වූ දැව සේම තනිවී මෙ ලෝකේ

ඉබාගාතේ යන්නේ සැපක් දෝ සොයාලා

මේ සසරේ හී සැමදා දුකාමයි පිරීලා //


ගායනය - මොහිදීන් බෙග්

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

තනුව - ගුලාම් මොහොමඩ්

සංගීතය - ටී.ආර්. පාපා


1955 දී භාරතයේ තිරගතවූ Hoor-e-Arab හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Zamaane Ke Maalik (Ki Duniya Ne Apna) යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.


හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 634




හින්දි ගීය


जमाने के मालिक दुहाई है तेरी

जमाने के मालिक दुहाई है तेरी

कि दुनिया ने अपना चलन बेच डाला

कि दुनिया ने अपना चलन बेच डाला

दीए बैग बैग ने बुलबुल को धोखा दिया

दीए बैग बैग ने बुलबुल को धोखा दिया

बहारे जब आई तो चमन बेच डाला

दुनिया ने अपना चलन बेच डाला


मीता कर हर एक आरजू हर एक तमन्ना

जमने के बाज़ार में लाई दुनिया

जमने के बाज़ार में लाई दुनिया

कि ये खूब सौदे ब्यून जिंदगी के

जनाजे खारिदे कफ़न बेच डाला

जनाजे खारिदे कफ़न बेच डाला

दीए बैग बैग ने बुलबुल को धोखा दिया

दीए बैग बैग ने बुलबुल को धोखा दिया

बहारे जब आई तो चमन बेच डाला

दुनिया ने अपना चलन बेच डाला


पहस के असीरो को मजबूर पाके

दिखाते हैं सैया आज क्या क्या तमाशे

दिखाते हैं सैया आज क्या क्या तमाशे

किसी मस्त गुल की खुशबू चुरा ली

किसी गुल का नाज़ुक बदन बेच डाला

दीए बैग बैग ने बुलबुल को धोखा दिया

दीए बैग बैग ने बुलबुल को धोखा दिया

बहारे जब आई तो चमन बेच डाला

दुनिया ने अपना चलन बेच डाला


jamane ke malik duhai hai teri

jamane ke malik duhai hai teri

ki duniya ne apna chalan bech dala

ki duniya ne apna chalan bech dala

diye bag bag ne bulbul ko dhokhe

diye bag bag ne bulbul ko dhokhe

bahare jab aayi to chaman bech dala

duniya ne apna chalan bech dala


mita kar har ek aarju har ek tamnna

jamne ke bajar mein laai duniya

jamne ke bajar mein laai duniya

ki ye khub saude bune jindagi ke

janaaje kharide kafan bech dala

janaaje kharide kafan bech dala

diye bag bag ne bulbul ko dhokhe

diye bag bag ne bulbul ko dhokhe

bahare jab aayi to chaman bech dala

duniya ne apna chalan bech dala


pahas ke asiro ko majbur paake

dikhate hai saiya aaj kya kya tamashe

dikhate hai saiya aaj kya kya tamashe

kisi mast gul ki khushbu chura li

kisi gul ka najuk badan bech dala

diye bag bag ne bulbul ko dhokhe

diye bag bag ne bulbul ko dhokhe

bahare jab aayi to chaman bech dala

duniya ne apna chalan bech dala


Song - Zamaane Ke Maalik

Singer - Lata Mangeshkar

Lyricist - Shakeel Badayuni

Music Composer - Ghulam Mohammad

Movie - Hoor-E-Arab (1955)


සීදේවි රූබරී මා

සීදේවි රූබරී මා

නයනා රසී වෙ සැමදා


පෙම් සාගරේ ගිලීලා

අපි නාමු ප්‍රීති වීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා


පෙම් සාගරේ ගිලීලා

අපි නාමු ප්‍රීති වීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා


ආලේ රසේ කියා ඒ

රැලි පාවි පාවි මූදේ


රූ රාජිනී ප්‍රියා වේ

ඔබ වේය මාගෙ ජීවේ


සැමදා පෙමේ වෙළීලා

ගයමූ විනෝද ගීතා ...//


සුදෝ පෙම් රසිනී නැළවීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා


නොමැකේ කිසීම කාලේ

ස්ථීර ආලෙ ඔබගේ


ඇඳි සා ලපේ විලාසේ

ඔබ වේ හදේ සුරූපේ


පෙම් සාගරේ ගිලීලා

අපි නාමු ප්‍රීති වීලා ...//


සුදෝ පෙම් රසිනී නැළවීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා


පෙම් සාගරේ ගිලීලා

අපි නාමු ප්‍රීති වීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා

සුදෝ පෙම් රසිනී නැළවීලා


සීදේවි රූබරී මා


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


තනුව හින්දි හෝ ද්‍රවිඩ ගීයකින් උපුටා ගෙන ඇත.


1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.


හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 631



මේ ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙසින් ස්ථාපිතයි.


Tuesday, March 3, 2026

සංගීතේ රසේ වෙළී

සුරතලී... (ඊ.. ඊ.. ඉ ඊ...

සුරතලී...(ඊ.. ඊ.. ඉ ඊ...


සංගීතේ රසේ වෙළී තනි වූ දා මා

ඔබේ රුවේ බලේ පෑවා ද ප්‍රේමේ සදා


සංගීතේ රසේ වෙළී තනි වූ දා මා

ඔබේ රුවේ බලේ පෑවා ද ප්‍රේමේ සදා


සුරතලී...(ඊ.. ඊ.. ඉ ඊ...

සංගීතේ රසේ වෙළී තනි වූ දා මා


පෙම් ලෝකේ සැපා දී මවා

ආලොකේ මා හදේ පා ...//

සිනා මුහුණේහී දීලා එදා

සිනා මුහුණේහී දීලා එදා


සිනා මුහුණේහී දීලා එදා

ඔබේ රුවේ බලේ පෑවා ද ප්‍රේමේ සදා ...//


සුරතලී...(ඊ.. ඊ.. ඉ ඊ...

සංගීතේ රසේ වෙළී තනි වූ දා මා


පායාලා පෙමේ තාරකා

ආවා සේ පීරා වලා


පායාලා පෙමේ තාරකා

ආවා සේ පීරා වලා


සිනා මුහුණේහී දීලා එදා

සිනා මුහුණේහී දීලා එදා


ඔබේ රුවේ බලේ පෑවා ද ප්‍රේමේ සදා

සිනා මුහුණේහී දීලා එදා

ඔබේ රුවේ බලේ පෑවා ද ප්‍රේමේ සදා


සුරතලී...(ඊ.. ඊ.. ඉ ඊ...


සංගීතේ රසේ වෙළී තනි වූ දා මා

ඔබේ රුවේ බලේ පෑවා ද ප්‍රේමේ සදා //


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව ඉන්දීය සිනමා කෘතියක ගීයකින් උපුටා ගන්නට ඇත.


Monday, March 2, 2026

ප්‍රේමේ මෝරන කාලේ

ප්‍රේමේ මෝරන කාලේ
මේ සිදුවූ දේ දේ වේදනා ...//

මා හද සෝකේ

දේ සැමදා මේ

නෑ සැපතා ප්‍රේම රාජාණනේ

මායාවකී මේ ප්‍රේමේ අපේ //


ආදරී මගේ සුරංගනී

ඔබයි මගේ මමයි ඔබේ

මෙ ලෝකෙ නෑ වෙනින් සැපා ...//

ආදරී


ප්‍රේමේ පූජිත වූ මේ

පෑ හද ආලේ මා කෝ සුදා ...//


දෑසට වාගේ

පෑ මට ආලේ

ප්‍රේමයෙ රාජා කෝ මාගේ ....//

මා සනසාලා දෙවා ආදරේ

ඇයි මා සොයලා නාවේ අනේ

ඇයි මා සොයලා නාවේ අනේ


ප්‍රේමේ මෝරන කාලේ

මේ සිදුවූ දේ දේ වේදනා


ප්‍රේමේ පූජිත වූ මේ

පෑ හද ආලේ මා කෝ සුදා


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව ඉන්දියානු චිත්‍රපටි ගීයකින් උපුටා ගන්නට ඇත.



"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ඉහත ගීය මෙසේ ස්ථාපිතයි.

සීත ජලේ මේ නාමු ගිලී

සීත ජලේ මේ නාමු ගිලී
සැමා තුටිනී මේ සීත ජලේ ....//

මේ නිල් ජලාසේ

පියුමන් සිනාසේ

පවනේ ගැටීලා පාවේ වලා...//

පවනේ ගැටීලා පාවේ වලා //


සීත ජලේ මේ නාමු ගිලී

සැමා තුටිනී මේ සීත ජලේ


ගිරි හෙල් දිලෙන්නා

හිරු රැස් වැදීලා

දිය වැල් ගලාලා යාවී ඇදී ...//

දිය වැල් ගලාලා යාවී ඇදී //


සීත ජලේ මේ නාමු ගිලී

සැමා තුටිනී මේ සීත ජලේ


දිය බුං ගසාලා

ඈතේ හි පීනා

කිමිදී ගිලීලා නාමූ සැමා ...//

කිමිදී ගිලීලා නාමූ සැමා //


සීත ජලේ මේ නාමු ගිලී

සැමා තුටිනී මේ සීත ජලේ


සීත ජලේ මේ නාමු ගිලී

සැමා තුටිනී මේ සීත ජලේ ...//


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


මෙම ගීයේ තනුව නිර්මානය කර ගැනීමට 1954 දී තිරගතවූ "මස්තානා" හින්දි චිත්‍රපටියට කිශෝර් කුමාර්, මොහොමඩ් රාෆි හා ශම්ෂාඩ් බෙගම් ගැයූ Naache More Angana Me යන ගීයේ අඩංගු නාද මාලා ඉවහල් කරගෙන ඇති බව පෙනේ.




තනුව නිර්මානයට පාදක කර ගන්නට ඇතැයි හැඟෙන හින්දි ගීය

tigi choki panji chakki satti athi nahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla

tigi choki panji chakki satti athi nahla

nache more angana me munna pahla pahla

ji nache more angana me munna pahla pahla


are mera munna

baap mastana hai to beta hai rangila

baap mastana hai to beta hai rangila

aji bada hoke banega ye chail chabila

bada hoke banega ye chail chabila

baap hai nahla to beta hoga dahla

baap hai nahla to beta hoga dahla

ye hai nahle pe dahla

ye hai nahle pe dahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla

tigi choki panji chakki satti athi nahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla


aaja re aaja re lalla

golmol chacha tera nanhi muni chachi

wah re ye jodi jaise pan me ilaychi

chachi bholi bhaali or chacha bada chaila

ye hai nahle pe dahla

ye hai nahle pe dahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla

tigi choki panji chakki satti athi nahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla


aaja re munna aaja

hoga jawan munna bahu leke aayega

hoga jawan munna bahu leke aayega

abba bade shan se sasura kahlayega

abba bade shan se sasura kahlayega

are le na aana munna chachi jaisi laila

ye hai nahle pe dahla

ye hai nahle pe dahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla

tigi choki panji chakki satti athi nahla

nache more angana me munna pahla pahla

nache more angana me munna pahla pahla


Song - Tiki Chauki Panji Chhakki (Naache More Angana Me)

Singers - Kishore Kumar, Mohammed Rafi & Shamshad Begum

Lyricist - Rajendra Krishan

Music Composer - Madan Mohan Kohli

Movie - Mastana (1954)