Showing posts with label වර්ණගේ සුගත් ෆොන්සේකා. Show all posts
Showing posts with label වර්ණගේ සුගත් ෆොන්සේකා. Show all posts

Wednesday, April 8, 2015

සඳ අහිමි බඹරෙක්ය මා

සඳ අහිමි බඹරෙක්ය මා
හිරු අහිමි කඩුපුලකි මා
මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්
මා නොදුටු හිරු එළිය විඳගන්න ඇත්නම් ...//

මා සිතින්
මගේ සිතින්
අපේ ලොවට
මේ වෙනස
නොවෙනස්ව රැකගන්න ඇත්නම්

බමරුන් 
රෑ සඳු 
එකිනෙකට සමු දේද
 ලොවෙන් පිටවෙන්න ඇත්නම්

ඔබ මා 
මා ඔබ 
හමුනොවන
මේ අඳුර
මේ එළිය දුරලන්න ඇත්නම්

හිරු රැසින්
කඩුපුලින්
රොන් සුනොත් වැගිරේද
 ලොවෙහි හමුවන්න ඇත්නම්

සඳ අහිමි බඹරෙක්ය මා
හිරු අහිමි කඩුපුලකි මා ...//

ගායනය – ප්රදීපා ධර්මදාස සහ කසුන් කල්හාර
පද රචනය - වර්ණගේ සුගත් ෆොන්සේකා
තනුව හා සංගීතය - නවරත්න ගමගේ