Wednesday, April 8, 2015

සඳ අහිමි බඹරෙක්ය මා

සඳ අහිමි බඹරෙක්ය මා
හිරු අහිමි කඩුපුලකි මා
මා නොදුටු සඳ එළියෙ කිමිදෙන්න ඇත්නම්
මා නොදුටු හිරු එළිය විඳගන්න ඇත්නම් ...//

මා සිතින්
මගේ සිතින්
අපේ ලොවට
මේ වෙනස
නොවෙනස්ව රැකගන්න ඇත්නම්

බමරුන් ද
රෑ සඳු ද
එකිනෙකට සමු දේද
ඒ ලොවෙන් පිටවෙන්න ඇත්නම්

ඔබ මා ද
මා ඔබ ද
හමුනොවන
මේ අඳුර
මේ එළිය දුරලන්න ඇත්නම්

හිරු රැසින්
කඩුපුලින්
රොන් සුනොත් වැගිරේද
ඒ ලොවෙහි හමුවන්න ඇත්නම්

සඳ අහිමි බඹරෙක්ය මා
හිරු අහිමි කඩුපුලකි මා ...//

ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ කසුන් කල්හාර
පද රචනය - වර්ණගේ සුගත් ෆොන්සේකා
තනුව හා සංගීතය - නවරත්න ගමගේ

2 comments:

blogertofun said...

https://youtu.be/JjO6_yWZ46Y

Unknown said...

හරිම ලස්සනයි මේ ගීතය.