Wednesday, April 8, 2015

කක්කුටු සුට්ටං

කක්කුටු සුට්ටං
කොණ්ඩ පරෙයියන්
පදමට අල්ලං  අල්ලං  අල්ලං ...//
තක්කිට තරිකිට ඒ සමනළ තටු
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

කං කං බූරු සිං සිං නෝරු //
මේ ගහ කොළ මල් අපට නොවෙයි
ඉර හඳ තරු යට
මේ ගඟ ගැලුවේ
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

කක්කුටු සුට්ටං
කොණ්ඩ පරෙයියන්
පදමට අල්ලං  අල්ලං  අල්ලං
තක්කිට තරිකිට ඒ සමනළ තටු
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

එළුවන් කෑවා ඇති තුම්බීරේ //
උන් නැටුවාදෙන් වනන්තරේ
උදුරා ගන්නා
මේ හැම ලස්සන
අපේ නොවෙයි අපෙ දරුවන්ගෙයි
පොඩි දරුවන්ගෙයි

කක්කුටු සුට්ටං
කොණ්ඩ පරෙයියන්
පදමට අල්ලං  අල්ලං  අල්ලං
තක්කිට තරිකිට ඒ සමනළ තටු
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - සීතා රංජනී
තනුව - නීලා වික්‍රමසිංහ

No comments: