Showing posts with label ඩබ්. එම්. ටී. බණ්ඩාර. Show all posts
Showing posts with label ඩබ්. එම්. ටී. බණ්ඩාර. Show all posts

Thursday, April 2, 2015

ගලන දිය ඇලි

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන ...//

තලාවේ වැලි තලාවේ
වලාවේ සුදු වලාවේ ..//
නීල තරු පොපියන වෙලාවේ
ඇඳෙයි රුව සිසි කලාවේ

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන ...//

නිසංසල වැලි තලාවේ
සුළං රැල්ලේ තුරු ලතාවේ
ගීත නද වෑහෙන වෙලාවේ
ඇඳෙයි රුව හද සරාවේ

ගලන දිය ඇලි සැළෙන ළා දළු
අතර ඇති ඉමිහිර සොයාලන

පිපෙන වන මල් සුමුදු පෙති මත
රුවක් ඇත අම රස ලබා දෙන ...//

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඩබ්.එම්.ටී. බණ්ඩාර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

අරුණු රැසක් රැසක් රැසක්

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා

කුසුම් රොන් බරින් සැරසී
තුරු ලතා තුලින් ඉපිලී ...//
රජත කිරණ ධාරාවෙන්
සිනා මවනවා
සිනා මවනවා

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා

සාර බිමක්
සාර දැයක්
සාර හාර නිධානයක් ....//
ඔබේ රුවන් රැස් අතරේ
රැඳී දිළෙනවා
රැඳී දිළෙනවා

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා

තේජ වීර ගුණ වගුරා
පොළෝ තලය පණ ගන්වා ...//
නවෝදයේ රන් මාවත
ළඟා කරණවා
ළඟා කරණවා

අරුණු රැසක් රැසක් රැසක්
රන් තරුවක් රුවක් රුවක්
රිදී ලොවක් ලොවක් ලොවක්
උදාවුණා උදාවුණා
ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා ...//

ඒ උදාර උදානයෙන්
දසත පිබිදුණා
දසත පිබිදුණා ...////

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඩබ්.එම්.ටී. බණ්ඩාර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

Sunday, December 1, 2013

දෙතොළග සිනහා


දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
නුවනග බැලුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ

දේදුනු දෙබැමේ නැළවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඩ සඳ පහනේ…//

දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ

ලෝ තූල සදා මිය යන මල් පිපි සෙවනේ
ඔබ මට මදාරා මලකිය පිය ලඳුනේ…//

දෙතොළග සිනහා
ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
නුවනග බැළුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: ඩබ්. එම්. ටී. බණ්ඩාර
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක