Showing posts with label සී.ටී. පෙරේරා. Show all posts
Showing posts with label සී.ටී. පෙරේරා. Show all posts

Monday, April 20, 2015

සිනහව අතරින් කඳුළක් උපන්නා

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හිමකැට වැටෙනා සීතල උදයක
ඇය හමුවූවා කඳුකර පෙදෙසක
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ

හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කළෙ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ

ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කදුලක් උපන්නා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - සී.ටී. පෙරේරා
තනුව - සී.ටී. පෙරේරා

"ගංගා" (1976) චිත්‍රපටියෙන්