Showing posts with label මිනෝන් ප්‍රනාන්දු. Show all posts
Showing posts with label මිනෝන් ප්‍රනාන්දු. Show all posts

Saturday, August 10, 2019

රන මොණරාගෙන්


රන මොණරාගෙන් මොණරිය ඉල්ලන්නේ
වන බඹරාගෙන් බමරිය අයදින්නේ
සමනලයාගෙන් සමනලි විමසන්නේ
ආදරේ
ආහාරේ ....//

හිරු පියුමිය පුබුදයි
සඳු කුමුදිනි නළවයි
තුරු වැල සිඹ සතපයි
ඒ ආදරය නිසා (ආ.. ආ.. ආ...

රන මොණරාගෙන් මොණරිය ඉල්ලන්නේ
වන බඹරාගෙන් බමරිය අයදින්නේ
සමනලයාගෙන් සමනලි විමසන්නේ
ආදරේ
ආහාරේ

ගඟ සයුරට හරවයි
මල විල මත පාවෙයි
හිත හිත වෙත යා වෙයි
ඒ ආදරය නිසා (ආ.. ආ.. ආ...

රන මොණරාගෙන් මොණරිය ඉල්ලන්නේ
වන බඹරාගෙන් බමරිය අයදින්නේ
සමනලයාගෙන් සමනලි විමසන්නේ
ආදරේ
ආහාරේ ....//

ගායනය - මිනෝන් ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
1974 දී තිරගතවූ සැණකෙළිය චිත්‍රපටියේ ගීයකි.

Thursday, August 8, 2019

කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ

The Jetliners, 60 දශකයේ මුල් කාලයේ ලංකාවෙ ඉහළින්ම වැජඹුණු සංගීත කණ්ඩායම. ටෝනි ප්‍රනාන්දු තමයි එහි කළමනාකරු වුණේ.
කණ්ඩායමේ සාමාජිකයන් වුණේ මෙන්න මේ අය.

සොහාන් පීරිස්          - ගායනයෙන්
ලොරේටා කොච්        - ගායනයෙන්
ඉන්ද්‍රා රාජා                  - ගිටාර්
ඇන්ටන් ගුණවිජය    - ගිටාර්
ෆීලික්ස් ප්‍රනාන්දු         - බේස් සහ ගායනයෙන්
හැරිස් ජුරම්පති          - ඩ්‍රම්ස්

නුමුත් මේ කණ්ඩායම වඩාත් දීප්තිමත්ව බැබලෙන්නෙ මිනෝන් රත්නම් එකතු වූවායින් පස්සෙ.


 මිනෝන් සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන අවධියේ හැමදාම වගේ පන්තියෙ පළවැනියා. ඒ විතරක් නොවෙයි ඇය පාසලේ බොහෝ බාහිර ක්‍රියාකාරකම් වල ඉදිරියෙන් හිටිය ශිෂ්‍යාවක්. ඇගේ මව සංගීත ගුරුවරියක්. ඒ නිසාම ඇය තුළත් ජන්මයෙන්ම ආ සංගීතයට නැඹුරුවක් තිබුණා. වයස අවුරුදු හතේ දි ඇය ලංකා ගුවන් විදුලියේ (Radio Ceylon) කුසලතා පරීක්ෂණයකින් සමත් වෙනවා. නීතිඥ වරියක් වෙන්න හිතේ තිබුණත් දෛවය විසින් ඇයව තල්ලු කරන්නෙ සංගීතය දෙසට.

ඇය එකතු වෙනවා The Jetliners කණ්ඩායම සමගින්. ඉන් අනතුරුව ඇය කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන ගායිකාව වෙනවා.

ඇයගෙ නම උප්පැන්න සහතිකයට අනුව Mignonette Malathi May Rutnam. මිනෝන් රත්නම් ලෙසයි බොහෝ දෙනා හඳුනන්නෙ. මිනෝන් එකතු වුණාට පස්සෙ The Jetliners ලෙසට වඩා Mignonne & The Jetliners යනුවෙන් තමයි ප්‍රසිද්ධ වුණේ.

මුල් කාලයේ ගාලු මුවදොර හෝටලයේ Coconut Grove රාත්‍රී සමාජ ශාලාවේ ඔවුන් තම ප්‍රාසිංගික ඉදිරිපත් කිරීම් කළා. ඒ කාලයේ විශාල නමක් දිනා ගන්නට ඔවුනට හැකිවුණා. වර්නන් කොරයා මහතා ගේ ඇසුර නිසා ගුවන් විදුලියේ ආසියානු සේවය ඔස්සේ ආසියාවේ ම කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස ප්‍රචලිත වන්නටත් පුළුවන් වුණා.
(මේ කාලයේ ලංකා ගුවන් විදුලිය තමයි ආසියාවෙ ඉහළින්ම සිටි ගුවන් විදුලි සේවාව වුණේ. ඉන්දියාවෙ රසිකයින් අතර All Asia Service හරිම ප්‍රසිද්ධයි. අපිත් පුංචි කාලෙ රේඩියෝවෙ මීටරේ කරකවන්නෙ මේ සේවය අහන්න. එඩ්මන්ඩ් හිලරි එවරස්ට් තරණය කරල තම ප්‍රීතිය ප්‍රකාශ කරමින් එවරස්ට් මුදුනේ සිට පළමු පණිවිඩයෙන් කියා සිටියෙ ඔහුට Asia Service එක හොඳින් ශ්‍රවණය වන බවයි)

මිනෝන් ට ගායනයට එහා ගිය සංගීත කුසලතාවක් තිබුණා. ඇයගෙ ඒ දක්ෂතාව නිසා The Jetliners නාමය ජාත්‍යාන්තරය තුළ බබලවන්න පුළුවන් වුණා.

හැට ගනන් වල මුල් කාලයේදී ටෝනි ගේ බිරිඳ මෙලොව හැරගියා. පසුව මිනෝන් ටෝනි හා විවාහ වුණා.

ඉතා ප්‍රකට බොම් බොම් බොම්, බොම්බෙ මෙරේ හායි ගීය බිහිවෙන්නෙ The Jetliners බොම්බායේ කොන්ත්‍රාත්තුවකට එහි ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරද්දි. ඉන්පසු සිංගප්පූරුව හා හොංකොං වලත් ඒ අයුරින්ම ලොකු ගිවිසුම් එක්ක ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරනවා.

මිනෝන්ගේ "Love don't let me down" ගීය ජාත්‍යාන්තර සංගීත උත්සවයකදී තානාපති සම්මානයක් (Embassy Award) දිනා ගැනීමට සමත් වෙනවා.
ජපානයේ පැවති තවත් ජාත්‍යාන්තර තරඟයකදී මැත්සුහිතා සම්මානයෙන් සහ හොඳම ගී නිර්මානය හා ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ ජූරි සම්මානයකින් අගැයීමට ලක් වෙනවා.

ඇතන්ස් හී පැවති පස් වැනි ඔලිම්පියාඩ් සංගීත තරඟයේදී අවසන් වටයට තෙරේන්නට හැතිවුණා The Jetliners කණ්ඩායමට, ඔවුන් ඉදිරිපත් කළ ඔබ නිසා නම් ගීය තුළින්.

ජපානයේ පැවති ලෝකයේ උත්කර්ෂවත්ම ගායන උත්සවයක රන් සම්මානයෙන් පිදුම් ලබන්නටත් The Jetliners කන්ඩායමට හැකිවුණා.

මේ සේරගෙම සවිය වුණේ මිනෝන් කීවොත් නිවැරදියි. ටෝනි ගේ කළමනාකාරිත්වයත් ඒ ජයග්‍රහණ වල ශක්තිය වුණා.

ලොව පුරා මේ පුංචි රටේ නම රැඳවූ කණ්ඩායමක් The Jetliners.

ඔවුන් ඉංග්‍රීසි සහ බටහිර ගී තමයි ගායනා කළේ. මෙන්න මේ විදියට ලොවේම ආදරයට පාත්‍ර වෙද්දි තමයි මිනෝන් ට හිතෙන්නෙ සිංහල ගී ගයන්න. ඇය කරුණාරත්න අබේසේකරයන් ලවා ඔවුන් එවකටත් ගයමින් සිටි ගීයක තනුවට සිංහල පද රචනයක් කරවා ගන්නවා. කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ ගීය බිහිවෙන්නෙ එහෙමයි.



 කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ දෙමවුපියන් සෙවණේ
නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝර සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා

වෙසෙනා පැලටා
දුකකින්ය පා තබන්නේ
මවුපියො දෙදෙනා නංගී මල්ලී
ගැනමයි සිහිවන්නේ

කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ දෙමවුපියන් සෙවණේ
නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝර සහනේ

පෙමිනා වෙලෙනා හද ගැස්ම මා පෙළන්නේ
ආදර සැමියා මවන ලෝකයේ
සුබ පතමිනි යන්නේ

කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ දෙමවුපියන් සෙවණේ
නිදැල්ලෙ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝර සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා

ගායනය - මිනෝන් ප්‍රනාන්දු (ද ජෙට්ලයිනර්ස්)
පද - කරුණාරත්න අබේසේකර


ඉංග්‍රීසි ගීය

Thursday, April 30, 2015

අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී

අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී..

අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී
ඔව් මේ රෑ
කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී
එය හොද නෑ

මම නැළවෙන්නේ ඔබේ සිතේ හැංගී
ඔව් මේ රෑ
සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා
ඔව් මේ රෑ

සැනසෙමු නැළවෙමු නටා අපි
එකතුව රිසි ලෙස සිනාසිසී
පැද්දෙන පෙරළෙන රැගුම් බලා
පැද්දෙන පෙරළෙන රැගුම්

හැමටම එක ලෙස ආදරයයි
මම ඔබගේ පෙම් සාගරයයි
පෙම් ලොව සුරතලි මා ඔබේ
පෙම් ලොව සුරතලි මා

අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී
ඔව් මේ රෑ
කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී
එය හොද නෑ

ගායනය - මිනෝන් රත්නම්
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි/ ද ජෙට්ලයිනර්ස්

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි.

"ජේම්ස් බොන්ඩ්" චිත්‍රපටි මාලාවේ පළමු කතා වස්තුව 1962 දී මුල් වරට තිරගත වුණා "Dr. No" නමින්. එහි එන "Under the Mango Tree" ගීයේ තනුවටයි "අද අපි ඉන්නේ" ගීය නිර්මානය වුණේ.

ඉංග්‍රීසි ගීය ගැයූ Diana Coupland (Betty Diana Coupland) ඒ ගීයෙන් මහත් ජනප්‍රියත්වයක් ලැබුවා. ඇය පෙරුම් පිරුවෙ බැලේ නර්තන ශීල්පිණියක වෙන්න. ඒත් ඇගේ සිහිනය සැබෑ වූයේ නෑ අශ්වයෙකු පිටින් ඇද වැටීමක් නිසා. කොහොම වුණත් ඇය ගායිකාවක් ලෙසින් කරළියට එන්නෙ වසර 11 දි. ඇය කාලයක්ම හෝටල වල ගී ගැයුවා. (ඇගේ කතාවත් කියවලා බලන්න)
දීර්ඝ කාලයක් පැවති හෘද රෝගයක් නිසා ශල්‍යකර්මයක් කරන අතරවාරයේ ඇයට ‍මෙලොව හැර යන්න සිදුවුණා. ඒ 2006 නොවැම්බර් 10 වැනිදා.


Underneath the mango tree
Me honey and me can watch for the moon
Underneath the mango tree
Me honey and me make boolooloop soon

Underneath the moonlit sky
Me honey and I can sit hand in hand
Underneath the moonlit sky
Me honey and I can make fairyland

Mango, banana and tangerine
Sugar and ackee and cocoa bean
When we get marry we make them grow
And nine little chil' in a row

Underneath the mango tree
Me honey and me can watch for the moon
Underneath the mango tree
Me honey and me we plan marry soon

Mango, banana and tangerine

Sugar and ackee and cocoa bean
When we get marry we make them grow

And nine little chil' in a row
Underneath the mango tree
Me honey and me can watch for the moon
Underneath the mango tree

Me honey and me we plan marry soon

Underneath the mango tree
Underneath the mango tree
Underneath the mango tree
Underneath the mango tree

(traditional Jamaican calypso)