අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී..
අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී
ඔව් මේ රෑ
කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී
එය හොද නෑ
මම නැළවෙන්නේ ඔබේ සිතේ හැංගී
ඔව් මේ රෑ
සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා
ඔව් මේ රෑ
සැනසෙමු නැළවෙමු නටා අපි
එකතුව රිසි ලෙස සිනාසිසී
පැද්දෙන පෙරළෙන රැගුම් බලා
පැද්දෙන පෙරළෙන රැගුම්
හැමටම එක ලෙස ආදරයයි
මම ඔබගේ පෙම් සාගරයයි
පෙම් ලොව සුරතලි මා ඔබේ
පෙම් ලොව සුරතලි මා
අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී
ඔව් මේ රෑ
කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී
එය හොද නෑ
ගායනය - මිනෝන් රත්නම්
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි/ ද ජෙට්ලයිනර්ස්
1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි.
"ජේම්ස් බොන්ඩ්" චිත්‍රපටි මාලාවේ පළමු කතා වස්තුව 1962 දී මුල් වරට තිරගත වුණා "Dr. No" නමින්. එහි එන "Under the Mango Tree" ගීයේ තනුවටයි "අද අපි ඉන්නේ" ගීය නිර්මානය වුණේ.
ඉංග්‍රීසි ගීය ගැයූ Diana Coupland (Betty Diana Coupland) ඒ ගීයෙන් මහත් ජනප්‍රියත්වයක් ලැබුවා. ඇය පෙරුම් පිරුවෙ බැලේ නර්තන ශීල්පිණියක වෙන්න. ඒත් ඇගේ සිහිනය සැබෑ වූයේ නෑ අශ්වයෙකු පිටින් ඇද වැටීමක් නිසා. කොහොම වුණත් ඇය ගායිකාවක් ලෙසින් කරළියට එන්නෙ වසර 11 දි. ඇය කාලයක්ම හෝටල වල ගී ගැයුවා. (ඇගේ කතාවත් කියවලා බලන්න)
දීර්ඝ කාලයක් පැවති හෘද රෝගයක් නිසා ශල්‍යකර්මයක් කරන අතරවාරයේ ඇයට මෙලොව හැර යන්න සිදුවුණා. ඒ 2006 නොවැම්බර් 10 වැනිදා.
Underneath the mango tree
Me honey and me can watch for the moon
Underneath the mango tree
Me honey and me make boolooloop soon
Underneath the moonlit sky
Me honey and I can sit hand in hand
Underneath the moonlit sky
Me honey and I can make fairyland
Mango, banana and tangerine
Sugar and ackee and cocoa bean
When we get marry we make them grow
And nine little chil' in a row
Underneath the mango tree
Me honey and me can watch for the moon
Underneath the mango tree
Me honey and me we plan marry soon
Mango, banana and tangerine
Sugar and ackee and cocoa bean
When we get marry we make them grow
And nine little chil' in a row
Underneath the mango tree
Me honey and me can watch for the moon
Underneath the mango tree
Me honey and me we plan marry soon
Underneath the mango tree
Underneath the mango tree
Underneath the mango tree
Underneath the mango tree
(traditional Jamaican calypso)
No comments:
Post a Comment