Thursday, April 30, 2015

අද දෙවියන් අපගේ මූණ බැලුවා

ආ... දෙවියන් අපේ මුහුණ බැලුවා (ආ.......
ආ.. හොඳ දේ කළොත් හොඳම වෙනවා (ආ......
පූරුවේ පිනක් කඩන් හැලුණා
දුප්පත් කමේ අඳුර මැකුණා

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ

හොඳ දේ කෙරුවොත් කවදාවත් නෑ ඒකෙන් වරදින්නේ //
දුප්පත් කමටයි දුක් විඳගෙන අපි කාලෙ ගෙනියන්නේ //

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා

කාලා බීලා ජොලි කරන්න දන්නවා අපී
ඒ වුණාට ඒ විකාර දෙන්නෙ නෑ හැපී

කාලා බීලා ජොලි කරන්න දන්නවා අපී
ඒ වුණාට ඒ විකාර දෙන්නෙ නෑ හැපී

මල් වාගේ පෝසත්තුන් බෝම ඉන්නවා
මේ පොඩි කොල්ලන්ගෙන් නම් වැඩක් කෙරෙණවා

මල් වාගේ පෝසත්තුන් බෝම ඉන්නවා
මේ පොඩි කොල්ලන්ගෙන් නම් වැඩක් කෙරෙණවා

දෙවියන්ගේ බැල්ම අපට ලැබිල තියෙනවා
දේවාලය ඉක්මණටම දියුණු කරණවා ...//

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
හෝ හෝ
හිතුව වාගේ සාදතෑකි දේවාලේ නිසිසේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ
අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට සහ පිරිස
පද රචනය - ඒ.ජේ. සොයිසා
සංගීතය - ආර්. මුත්තුසාමි

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි..


No comments: