Showing posts with label වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු. Show all posts
Showing posts with label වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු. Show all posts

Sunday, April 5, 2015

ගඟ ගලා යාදෙන්

ගඟ ගලා යාදෙන්
අතීතේ
අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ

සරැලි හසරැලි මුවග නංවා
වියරු බියකරු ගැඹුර හංගා
අයාලේ යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්

නිලන කදුවැටි නිම්න හැරදා
නිසරු නීරස සයුර සොයලා
මුලාවී යන ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ
අයාලේ යන ගඟ ගලා යාදෙන්

ගඟ ගලා යාදෙන්
අතීතේ
අතීතේ
උල්පතින් පැන නැග
ඉම නොදන්නා අනාගතයට
ගඟ ගලා යාදෙන්
නවතින්න ඔබ මේ තොටමුණේ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු
තනුව - දර්ශන රුවන් දිසානායක