Showing posts with label විමලා අමරදේව. Show all posts
Showing posts with label විමලා අමරදේව. Show all posts

Saturday, April 4, 2015

දෑතේ කරගැට

දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහඩිය මුතු කැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි

අඩ සඳ මෝරන මැදියම් අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති ලක් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ හිනාවෙනි ඔප වැටුණේ

දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
 ගත වෙහෙසම සතුටක් වේ මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්

දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මාදුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ විමලා අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව