Showing posts with label අමරබන්දු රූපසිංහ. Show all posts
Showing posts with label අමරබන්දු රූපසිංහ. Show all posts

Thursday, March 21, 2019

හාමුදුරුවනේ දනක් බෙදන්නට

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයිහත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නෙ ඒ වගෙ පින්
රස්සාවක් නැති දරුවගෙ දරුවොත් රකින්නෙ මං නේ දැන්

පරම්පරාවක් අපි පින් කෙරුවා මදිය කියන් නැතුවා
පරම්පරාවෙන් පරම්පරාවට ඒ පින් ඵල නැතුවා

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයිහත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං

පින් ඵල දෙක නුඔලාගේ දරුවෝ අපට කමක් නැතුවා
බුදුන් දකින්නට නිවන් දකින්නට අපි නම් පින් කෙරුවා
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නෙ ඒ වගෙ පින්
රස්සාවක් නැති දරුවගෙ දරුවොත් රකින්නෙ මං නේ දැන්

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
පද - අමරබන්දු රූපසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ