Showing posts with label ප්‍රියංකර බණ්ඩාර. Show all posts
Showing posts with label ප්‍රියංකර බණ්ඩාර. Show all posts

Saturday, June 6, 2015

බෙන්තර නැන්දගෙ මූණමයි

බෙන්තර නැන්දගෙ මූණමයි
බෙන්තර නැන්දගෙ ගමනමයි
දෙන්නා දෙන්නට පෑහෙන තාලෙට හිරේට මං හිරවී
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

කොහොඹ ගහට කරවිල වැලමයි

කොහොඹ ගහට කරවිල වැලමයි

නාන්ට යන්නෙත්
කොණ්ඩෙ බඳින්නෙත් ...//
නැන්දා වාගෙමයි
ඒ හැඩකාරිට හිත බැඳුනා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

බෙන්තර නැන්දගෙ මූණමයි
බෙන්තර නැන්දගෙ ගමනමයි
දෙන්නා දෙන්නට පෑහෙන තාලෙට හිරේට මං හිරවී
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

ගාණ්ඨාර දී කෑ මොර දෙන්නේ

ගාණ්ඨාර දී කෑ මොර දෙන්නේ

රණ්ඩු කරන්නෙත්
කඳුළු හෙළන්නෙත් ...//
නැන්දා වාගෙමයි
ඒ හැඩකාරිට හිත බැඳුනා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

බෙන්තර නැන්දගෙ මූණමයි
බෙන්තර නැන්දගෙ ගමනමයි
දෙන්නා දෙන්නට පෑහෙන තාලෙට හිරේට මං හිරවී
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - ප්‍රියංකර බණ්ඩාර

තනුව - සේනානායක වේරලියද්ද