Showing posts with label දමයන්ති ඒකනායක. Show all posts
Showing posts with label දමයන්ති ඒකනායක. Show all posts

Thursday, January 24, 2019

උදේ සුපිපුණු මලක් බඳූ


උදේ සුපිපුණු මලක් බඳූ
ළපටි අත පය හුඟක් මුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාග‍ෙ නංගිගෙ නමයි සුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාග‍ෙ නංගිගෙ නමයි සුදූ
උදේ සුපිපුණු මලක් බඳූ

චුට්ට වැරදුණ තැනදි බලා
සණ්ඩු වීලා කඳුළු සලා ....//

අඬ අඬා ඉඳ ටිකක් වෙලා
යාළු වෙයි යළි හිනාවෙලා ....//
උදේ සුපිපුණු මලක් බඳූ

හිතන දේවල් කොහොම හරී
ගන්නෙ තාත්තා ළඟට හැරී ...//

නංගි මගෙ ළඟ නැතුව බැරී
ඇයත් හරි මගෙ පණත් හරී ...//

උදේ සුපිපුණු මලක් බඳූ
ළපටි අත පය හුඟක් මුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාග‍ෙ නංගිගෙ නමයි සුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාග‍ෙ නංගිගෙ නමයි සුදූ
උදේ සුපිපුණු මලක් බඳූ

ගායනය - දමයන්ති එ්කනායක
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි

Tuesday, January 22, 2019

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සණ බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹල ඒක මගේ අතටයි දුන්නේ //

අඬල හැපිල කෑ ගාමින් ගේම හෙල්ලුවා
මට ගෙනාපු බෝනික්කා නංගි ඉල්ලුවා...//

අක්ක කිවුව ඒක මටම දෙන්නට කියලා
ඒත් එයා ඇහුවෙම නෑ තවත් වද කළා...//

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සණ බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹල ඒක මගේ අතටයි දුන්නේ //

ගෙදර හැමට මේ හින්දා සිහියක් නැත්තේ
අම්මා තාත්තා අහලකවත් නෑ එහි ඇත්තේ...//

සුදු නංගියි මමයි ඉඳන් දෙන්නා දෙපැත්තේ
බෝනික්කා තුරුළු කරන් නිදියාගත්තේ...//

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සණ බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹල ඒක මගේ අතටයි දුන්නේ ////

ගායනය - දමයන්ති ඒකනායක

Wednesday, January 16, 2019

අම්මාගෙ උකුළේ නැළවී

අම්මාගෙ උකුළේ නැළවී
තාත්තාත සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
ගතවීලා යයි මාගෙ බාලේ
අම්මාගෙ උකුළේ නැළවී

දෙගුරුන්ගෙ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා ....//

ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා ....//
අම්මාගෙ උකුළේ නැළවී

ලංකාව රට මා උපන්න
මගෙ ජාතියේ නාමෙ ගන්න ....//

පුළුවන් තරම් වෙහෙස වන්න
පතමී හොඳින් මා හැදෙන්න ....//

අම්මාගෙ උකුළේ නැළවී
තාත්තාත සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
ගතවීලා යයි මාගෙ බාලේ
අම්මාගෙ උකුළේ නැළවී

ගායනය - දමයන්ති ඒකනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර 
තනුව - මොහමඩ් සාලි