Tuesday, January 22, 2019

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සණ බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹල ඒක මගේ අතටයි දුන්නේ //

අඬල හැපිල කෑ ගාමින් ගේම හෙල්ලුවා
මට ගෙනාපු බෝනික්කා නංගි ඉල්ලුවා...//

අක්ක කිවුව ඒක මටම දෙන්නට කියලා
ඒත් එයා ඇහුවෙම නෑ තවත් වද කළා...//

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සණ බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹල ඒක මගේ අතටයි දුන්නේ //

ගෙදර හැමට මේ හින්දා සිහියක් නැත්තේ
අම්මා තාත්තා අහලකවත් නෑ එහි ඇත්තේ...//

සුදු නංගියි මමයි ඉඳන් දෙන්නා දෙපැත්තේ
බෝනික්කා තුරුළු කරන් නිදියාගත්තේ...//

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සණ බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹල ඒක මගේ අතටයි දුන්නේ ////

ගායනය - දමයන්ති ඒකනායක

No comments: