Tuesday, January 22, 2019

කොන්ද නමාගෙන


කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ ...//

මල් මද බිසව වගේ
ලස්සණ මුහුණ ඔබේ ...//
දත් නැති කට මට පෙන්නාලා
ආච්චි හිනාවෙලා

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ

ආච්චි හැඩකාරී
අපෙ ගෙදරට සීදේවී ....//
රජ කාලේ වුණු කතා කියන්නේ
ආච්චි හිනාවෙලා

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ
අපෙ ආච්චි මේ ඉන්නේ //

ගායනය -  ශිරෝමි ප්‍රනාන්දු
පද රචනය - මෙල්රෝයි ධර්මරත්න
තනුව - මෙල්රෝයි ධර්මරත්න

1 comment:

Anonymous said...

thanks