Showing posts with label එස්. මහින්ද හිමි. Show all posts
Showing posts with label එස්. මහින්ද හිමි. Show all posts

Wednesday, May 13, 2020

ලක් වැසියන් කෙරෙහි නැමී


ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයත්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඬගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ("දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල" පද්‍ය සංග්‍රහෙයන් තෝරා ගත් පැදි කීපයකි.)
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
තනුව - සම්ප්‍රදායික විරිඳු නාද රටා ඇසුරෙන්



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1984 දී “පිනිබර යාමේ” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

Thursday, March 5, 2015

මුණි සිරිපා සිඹිමින්නේ

මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ ...//

සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළැවෙන බව සිතනු පුතේ

නිදහස් හිරු දෙවි එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරිලක් මව හිනැහෙනවා
මගේ පුතා නැළැවෙනවා

මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ

කැප්පෙටිපොළ සෙනෙවිසුරු
කර රුපුසෙන් මං දැදුරු ...//

අහිරුවිකුම් පෑ අයුරූ
නුඹට පුතේ වෙයි මියුරූ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නන්දා මාලිනී සමග පිරිස
පද රචනය - එස්. මහින්ද හිමි

තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

Monday, December 2, 2013

ලක් වැසියන් කෙරෙහි නැමී

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියනගේ "දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල" කාව්‍ය සංග්‍රහයේ තෝරා ගත් පැදි කිහිපයකි මේ ගායනයේ ඇතුළත් වන්නේ.