Showing posts with label සනුර බණ්ඩාර. Show all posts
Showing posts with label සනුර බණ්ඩාර. Show all posts

Monday, October 14, 2019

සමනල හදවත පාරන්නට නම්

සමනල හදවත පාරන්නට නම්
කුසුමක් වී ඔබ ඇයි පිපුණේ
විෂ වූ රොන් පොද
බඹර තුඩක් ළඟ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ ...//

සිහින අහසෙ ගඳ කැදලි තැනූයේ
මිහි මත හිඳ දුක් දෙන්න නොවේ ...//
සිහින විමන් බිඳ සිහින කුමාරී
සිහින ලොවක් ළඟ නතර වුණේ

සමනල හදවත පාරන්නට නම්
කුසුමක් වී ඔබ ඇයි පිපුණේ
විෂ වූ රොන් පොද
බඹර තුඩක් ළඟ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ

පෙති සලිතව ගිය කුසුමක් ළඟ හිඳ
කිසි බමරෙකු ගී ගයනු නොවේ ...//
අත්තටු රිදවූ සමනල සිහිනෙක
සුසුම් දැනේ ඉකිබිඳින හඬේ

සමනල හදවත පාරන්නට නම්
කුසුමක් වී ඔබ ඇයි පිපුණේ
විෂ වූ රොන් පොද
බඹර තුඩක් ළඟ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ ...//

අම බිඳුවක් ලෙස පිදුම් වුණේ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ
අම බිඳුවක් ලෙස පිදුම් වුණේ

ගායනය - අතුල අධිකාරි
පද -
නුර බණ්ඩාර
තනුව - අතුල අධිකාරි


Art work by Hessam Abrishami
Samanala Hadawatha Parannata - Athula Adikari