Showing posts with label ඉනෝකා සත්‍යංගනී. Show all posts
Showing posts with label ඉනෝකා සත්‍යංගනී. Show all posts

Tuesday, October 1, 2019

ඔබ කවුද


ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද


පිණි බිඳක්
මඳනලක්
දිය විලක්
පිණි බිඳක්....


හා.... නා නන නා....
නනන නා...
නා නන නා...


ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද


කොඳ මලක්
බිඟු නදක්

කොඳ මලක්
බිඟු නදක්
රොන් පොදක්

 

රොන් පොදක්
රොන් පොදක්


ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද


තරු රැයක්
වන පෙතක්
ගිණි සිලක්
තරු රැයක්


ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
(අ..... අ... අඅ අඅ අ...... (හා... හා අආ.....
හා... හා අආ.....
හා... හා.. අා.. ආ.....

ගායනය - සමිතා මුදුන්කොටුව සමග අතුල අධිකාරි
පද - ඉනෝකා සත්‍යාංගනී
සංගීතය - නවරත්න ගමගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියට නිර්මාණය වූවකි.



Oba Kawda - Athula Adikari & Samitha Mudunkotuwa

කුරුල්ලන්ගෙ තටු සින්දොත්


කුරුල්ලන්ගෙ තටු සින්දොත්
අහස් තලේ දුර මනින්න
වලාකුළක හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න
ඉතින් තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිඳ දැම්මොත්
බිඟුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙමි අතරේ මුදු පහස ලබා
මලක සුවඳ පතුරාලන්න
ඉතින් තවත් හැකිද උන්ට..
උන්ට.. (අඅ..)

වරල් යුගින් මාලුවෙකුට සයුර පතුළෙ කිමිදී යන්න
රළ පහර මතින් සැඩ බිඳ දමමින්
ගල් පර තුළ සිරි දකින්න
ඉතින් තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු දමන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැ නේ නේ ද

හෝ... හෝ ඕ ඕ...
හෝ... හෝ ඕ ඕ...

ගායනය - ඉන්ද්‍රචාපා ලියනගේ සමග නදීක ජයවර්ධන
පද - ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
සංගීතය - රුවන් ශ්‍රී වල්පොල
2016 දී තිරගතවූ සින්ඩරෙල්ලා චිත්‍රපටියේ ගීයකි.


Kurullange Thatu Sindoth - Indrachapa Liyanage & Nadeeka Jayawardana

සිඳු පතුළේ කිමිද සැඟවී


සිඳු පතුළේ කිමිද සැඟවී
සැඟවී
නිල් දියඹ පීර පීරා
(හා අඅආ... ආ...
සොයමී... නුඹව මා
සොයමී නුඹව මා
කිඳුරාංගනාවියේ ...


හා හා.. ආ ආ..

හා.. ආ. ආ...

හා.. අ ආ...

හා ආ.. ආ..


මල් මී සොයමුද ලොල් වී (ඉඉ ඉඉ ඊ ඊ...
ලොල් වී
සිත් බඹරු සරති මත්වී
(හී ඉඉ ඊ.. ඊ ඊ...
මත්වී
මා සනහලන්න
මා.. සනහලන්න
සඟවාලා ඔය ළමැදේ (ඒ... ඒ...

හ අ අඅ ආ...

අඅ අඅ ආ...

ආ.. ආ...

හා ආ.

හා.. ආ..
.

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ... එඑඑ ඒ.. ඒ.... (හා අ ආ... හා අඅ ආ.. ආ..
රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ
... (එඑඑ ඒ.. ඒ....
මා හොවාලන්න
මා හොවාලන්න

නුඹේ උකුළු යහනේ ඒ.. ඒ.... (හා....

හා.....

හිත උමතු වෙමින් සසැලී
ගත හිවුඩු ද ඉරි අඳී
මා නිවාලන්න
මා නිවාලන්න
මා.... නිවාලන්න
ගිල්වාලා තඹර විලේ


ගායනය - නදීක ගුරුගේ
පද - ඉනෝකා සත්‍යාංගනී
සංගීතය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩරෙල්ලා චිත්‍රපටියේ ගීයකි.


Sindu Pathule - Nadeeka Guruge

Monday, September 30, 2019

සඳ පෙමින් රැය හා බැඳී


සඳ පෙමින් රැය හා බැඳී
සඳ රැසින් රැය මෝදු වී
ප්‍රේමයේ ශෘංගාර රාත්‍රියයි
(හා.. හා ආ.. ආ....

මඳපවන් රැලි දඟකරයි
ගත පුරා හීගඩු පිපෙයි
මේ අපේ පෙම්සාර රාත්‍රියයි

මේ රැය ඔබ මා තුරුල්ලේ හිඳිනවානම්
අප හදවත් එකම හඬින් ගැහෙනවානම්


අන්ධකාරෙට ඇස් තිබේ
නිහඬතාවට කන් ලැබේ

නෙතු වසා නොදොඩාම ඉමු ඔහේ
කඳුළු විල් පිරුණදෙන්
සිනහ මල් පිපුණදෙන්

මේ කිසිත් අපට කම් නෑ ඉතින්
ඔබේ උණුසුම් ළය මඬලේ වැතිරෙන්නදෝ
ඔබ සුසුමෙන් මා හද පණගන්වන්නකෝ
ඔබේ උණුසුම් ළය මඬලේ වැතිරෙන්නදෝ

ඔබෙ සුසුමින් මා හද පණගන්වන්නකෝ

හූ උඌ.... යෙයි යේයි හේහි යේ.. යේයි හේහි යේ..
උහු උඌ...


ඔය කොපුල් (හා.....) අදර විලිබරයි (හ්ම්...)
හද හැඟුම් මගේ (හා...)  උණුහුමයි
ඒ කිමැයි පහදා දෙන්නකෝ

රත් දෙතොල් වෙව්ලන හැඩයි
හාදු වැස්සට අඬගසයි
උන්මාදිනී මේ අපේම රාත්‍රියයි

ප්‍රේමය නම් යහනේ මා සැතපෙන්නදෝ
ඒ සිහිනය තුළ මා නිදිගන්වන්නකෝ


ප්‍රේමය නම් යහනේ මා සැතපෙන්නදෝ
ඒ සිහිනය තුළ මා නිදිගන්වන්නකෝ


ප්‍රේමය නම් යහනේ මා සැතපෙන්නදෝ
ඒ සිහිනය තුළ මා නිදිගන්වන්නකෝ


ප්‍රේමය නම් යහනේ මා සැතපෙන්නදෝ
ඒ සිහිනය තුළ මා නිදිගන්වන්නකෝ


ප්‍රේමය නම් යහනේ මා සැතපෙන්නදෝ
ඒ සිහිනය තුළ මා නිදිගන්වන්නකෝ

 

ප්‍රේමය නම් යහනේ මා සැතපෙන්නදෝ
ඒ සිහිනය තුළ මා නිදිගන්වන්නකෝ


ඌ.. හේයි යේ...

ගායනය - උපේඛා නිර්මාණි සමග ජනිත් දිල්රුක්
පද - ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
තනුව - ජේම්ස් රෝයි හෝනර්


2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා (පළමු කොටස) චිත්‍රපටියේ ගීයකි.
මෙය 1998 දී තිරගතවූ The Mask of Zorro
චිත්‍රපටියට නිර්මාණය වූ, මාර්ක් ඇන්තනී සහ ටීනා එරීනා ගැයූ
I want to spend my lifetime loving you නම් ගීයේ තනුවට ඉනෝකා සත්‍යාංගනී විසින් පද රචනය කරන්නට යෙදුණු ගීයක් බව සලකන්න.

 .

Sanda Pemin Reya Ha Bendee - Upekha Nirmani & Janith Dilruk


ඉංග්‍රීසියෙන් ගැයුණු පෙර සඳහන් කළ මුල් ගීය හා එහි පද..

 Moon so bright night so fine

Keep your heart here with mine

Life's a dream we are dreaming
Race the moon catch the wind
Ride the night to the end
Seize the day stand up for the light
I want to spend my lifetime loving you
If that is all in life I ever do

Heroes rise heroes fall
Rise again, win it all
In your heart, can't you feel the glory
Through our joy, through our pain

We can move worlds again
Take my hand, dance with me
I want to spend my lifetime loving you
If that is all in life I ever do

I will want nothing else to see me through
If I can spend my lifetime loving you
Though we know we will never come again
Where there is love, life begins

Over and over again
Save the night, save the day
Save the love, come what may
Love is worth everything we pay

I want to spend my lifetime loving you
If that is all in life I ever do
I want to spend my lifetime loving you
If that is all in life I ever do

I will want nothing else to see me through
If I can spend my lifetime loving you


Sung by - Marc Anthony & Tina Arena
Lyricists - Will Jennings
Composer - James Roy Horner

Movie - The Mask of Zorro

Sunday, February 5, 2017

ඔබ කවුද කවුරුන්ද


ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

පිණි බිඳක් මදනලක් දිය විලක් පිණි බිඳක්

නා.. නානානා නා..... නානානා නා.....
නාකක කා...

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

කොඳ මලක් බිඟු නදක්
කොඳ මලක් බිඟු නදක් රොන් පොදක්
රොන් පොදක්
රොන් පොදක්

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

තරු රැයක් වන පෙතක් ගිනි සිළක්
තරු රැයක්

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද

හා... හා... හා හා හහා...
ඕ.. ඔඔඕ...  ඕ... (හා... හා හා හා හා......)

ගායනය - අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව
පද - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
සංගීතය - නවරත්න ගමගේ

2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.

Oba Kawda Kawrunda - Athula Adikari & Samitha Mudunkotuwa

සිඳු පතුලේ කිමිද


සිඳු පතුලේ කිමිද සැඟවී....
සැඟවී
නිල් දියඹ පීර පීරා ... හා හහ හාහා......
සොයමී... නුඹව මා ...
සොයමී... නුඹව මා ...
කිඳුරාංගනාවේ

හා හා හා...
මල් මී සුවඳක ලොල්වී
ලොල්වී
සිත් බඹරු සරති මත්වී
මත්වී..
මා සනහලන්න ....
මා සනහලන්න .... සඟවාලා ඔය ළමැදේ

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ ......

රළ කැළඹෙයි දිය ගැඹරේ
හිත හීලෑ නෑ මාගේ ..........

මා හොවාලන්න
මා ... හොවාලන්න
නුඹගේ උකුළු යහනේ ..............

හිත උමතු වෙමින් සසැලී ...
ගත හිවුඩුද ගිනි ඇවිලී
මා ... නිවාලන්න
මා ... .... නිවාලන්න
මා ... නිවාලන්න
ගිල්වාලා තඹර විලේ

ගායනය - නදීක ගුරුගේ
පද - ඉනෝකා සත්‍යෘංගනී කීර්තිනන්ද
සංගීතය - නදීක ගුරුගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.

(මේ ගීය පුරා ඇති හාමනි, ආලප් හා මිනිස් හඬ අලංකාර අකුරු වලට ඇමිණිය නොහැක.)

කුරුල්ලන්ගේ තටු සින්දොත් (මලික්)


කුරුල්ලන්ගේ තටු සින්දොත්
අහස් තලේ... දුර මනින්න
වලාකුළක
හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න
ඉතිං තවත් හැකිද.. ඕ... හෝ..
උන්ට ..

(යේ හේ....)

වරල් බිඳුණු.. මාළුවෙකුට
සයුර පතුළෙ කිමිදී යන්න
සැඩ පහර මතින්
රළ බිඳ දමමින්
ගල් පර තුළ සිරි දකින්න ... අ.... හ....
ඉතිං තවත් හැකිද..  ඕ... හෝ.. 
උන්ට ..

යෞවනයට වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු.. ලන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
ඉතිං තවත් හැකිද..  ඕ... හෝ..
උන්ට

ගායනය - මලික් පෙර්රා
පද - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
සංගීතය - රුවන් ශ්‍රි වල්පොල

2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.

කුරුල්ලන්ගෙ තටු සින්දොත්


කුරුල්ලන්ගෙ තටු සින්දොත්
අහස් තලේ දුර මනින්න
වලාකුළක හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න
ඉතිං තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිඳ දැම්මොත්
බිඟුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙමි අතරේ මුදු පහස ලබා
මලක සුවඳ පතුරාලන්න
ඉතිං තවත් හැකිද උන්ට
උන්ට ...

වරල් බිඳුණු මාළුවෙකුට
සයුර පතුළෙ කිමිදී යන්න
රළ පහර මතින් සැඩ බිඳ දමමින්
ගල් පර තුළ සිරි දකින්න
ඉතිං තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු දමන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැනේ නේද

වෝ... වෝවෝ වොව්හෝ...
වෝ.. වොව් වොව් වෝ....

වෝ... වෝවෝ වොව්හෝ...
වෝ.. වොව් වොව් වෝ....

ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
පද - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
සංගීතය - රුවන් ශ්‍රි වල්පොල

2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.