Sunday, February 5, 2017

කුරුල්ලන්ගේ තටු සින්දොත් (මලික්)


කුරුල්ලන්ගේ තටු සින්දොත්
අහස් තලේ... දුර මනින්න
වලාකුළක
හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න
ඉතිං තවත් හැකිද.. ඕ... හෝ..
උන්ට ..

(යේ හේ....)

වරල් බිඳුණු.. මාළුවෙකුට
සයුර පතුළෙ කිමිදී යන්න
සැඩ පහර මතින්
රළ බිඳ දමමින්
ගල් පර තුළ සිරි දකින්න ... අ.... හ....
ඉතිං තවත් හැකිද..  ඕ... හෝ.. 
උන්ට ..

යෞවනයට වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු.. ලන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
ඉතිං තවත් හැකිද..  ඕ... හෝ..
උන්ට

ගායනය - මලික් පෙර්රා
පද - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
සංගීතය - රුවන් ශ්‍රි වල්පොල

2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.

No comments: