Showing posts with label ඔල්බන් පෙරේරා. Show all posts
Showing posts with label ඔල්බන් පෙරේරා. Show all posts

Saturday, March 21, 2015

අසෝක වනයේ සරන්නේ

අසෝක වනයේ සරන්නේ
අසෝක මල් දෝ නෙළන්නේ
අසෝකමාලා යයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ

කුමාර ලීලා පෙනෙන්නේ
කුමාර තාලෙන් වඩින්නේ
කුමාරයෙක් ද මා නොදන්නේ
උදාර රාජ වංශයේ

කුමාරියක් වගේ
අහිංසකාවියේ
දුකින් දුගී පැලේ
තැවෙන්නෙපා මෙසේ
කුලේ ධනේ බලේ
නැතේ ලඳේ අගේ
සමානතාවයේ
හැඟුම් සිතේ ඇතේ

උසස් නොවූ කුලේ
උපන්නෙමී ලොවේ
දුකින් දුගී පැලේ
වෙසෙන්නෙමී මං

අසෝක වනයේ සරන්නේ
අසෝක මල් දෝ නෙළන්නේ
අසෝකමාලා යයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ

කුමාර ලීලා පෙනෙන්නේ
කුමාර තාලෙන් වඩින්නේ
කුමාරයෙක් ද මා නොදන්නේ
උදාර රාජ වංශයේ

අසෝකමාලියේ
සුපෙම්බරාවියේ
අසන්නකෝ ලඳේ
පැතුම් මගේ හදේ
ඔබේ රුවයි මගේ
නෙතේ ඇඳී ගියේ
සෙනේහයයි මගේ
සිතේ පිරී ගියේ

හැඟුම් ඇතත් සිතේ
සිතත් බියෙන් සැලේ
පහත් රොඩී රැහේ
ළඳක් වෙමී මං

අසෝක වනයේ සරන්නේ
අසෝක මල් දෝ නෙළන්නේ
අසෝකමාලා යයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ

කුමාර ලීලා පෙනෙන්නේ
කුමාර තාලෙන් වඩින්නේ
කුමාරයෙක් ද මා නොදන්නේ
උදාර රාජ වංශයේ

ගායනය - ඔල්බන් පෙරේරා සහ මායා දමයන්ති පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව - සරත් ද අල්විස්