Showing posts with label චන්ද්‍රසිරි සෙනෙවිරත්න. Show all posts
Showing posts with label චන්ද්‍රසිරි සෙනෙවිරත්න. Show all posts

Saturday, January 12, 2019

අත්තාපල්ලා මුත්තාපල්ලා

අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

මෝල් ගහෙන් දළු එනතුරු 
කළු කපුටෝ සුදු වෙනතුරු .....//

අපෙ කුස්සියේ කළු ලිප් ගල 
ලියලාලා මල් එනතුරු.....//


අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

මගේ පුංචි කිරි දෙතොලින් 
නැහැ බොරුවක් කියන්නෙ මං ....//

මගේ පුංචි මේ දෑතින් 
නෑ වරදක් කරන්නෙ මං ....//

අත්තාපල්ලා මුත්තාපල්ලා 
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////

ගායනය - ගීතා කාන්ති ජයකොඩි
පද රචනය - චන්ද්‍රසිරි සෙනෙවිරත්න
තනුව - සනත් නන්දසිරි