Showing posts with label ෂෙල්ටන් පෙරේරා. Show all posts
Showing posts with label ෂෙල්ටන් පෙරේරා. Show all posts

Thursday, August 8, 2019

හංසියක සේ


හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ ...//
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

විල් ජලාශේ සුසීතලේ සරමී
නිල් අහසේ ඉගිල්ලෙමී හඬමී
සිහිනයක් සේ ඔයා පිදූ ප්‍රේමේ
සෝචනීයයි මගේ සදා ජීවේ

හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

හංස ගීතේ ඉතින් ප්‍රියේ නෑසේ
දුර අනන්තේ අරන් යමී රහසේ ...//
ඔබෙ සුගන්දේ මැකී ගියා පෙරදා
හමුනොවේවී මෙයින් මතූ කිසිදා

හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ ...//
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

ගායනය - රූපා ඉන්දුමතී
පද - හේම ශ්‍රී ද අල්විස්
තනුව - ෂෙල්ටන් පෙරේරා

Friday, January 5, 2018

එපා කෝපා පණේ

එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී ...//

සම්පත් දෙන්නම් දුප්පත් නෑ අපී //
විහිළු කතා මගේ විහිළු කතා
කවදත් ඔහොම තමයි මගෙ සිරියාවී

එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී

රන් රස වාගේ ඉන්ටැකි ලෝකේ //
නුවර යමූ අනුවර යමූ
දළදා වඳින්ට මගේ සිරියාවී     

එපා කෝපා පණේ
එපා කෝපා පණේ
විහිළු කළාට මගේ සිරියාවී ...//

ගායනය - විශාරද ටී. ෂෙල්ටන් පෙරේරා
කෝලම් නාට්‍ය ආරේ ගීයක්

Thursday, January 4, 2018

බුදුනේ බුදු පියාණනේ

බුදුනේ....
බුදුනේ....
බුදු පියාණනේ....

මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කළ මැනවී
පුනරාලෝකය දෙනු මැනවී
බුදුනේ....
බුදු පියාණනේ....

පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ
ඔබ සෙවණැල්ලේ දුසිරිත් දැඩි වෙයි නිරන්තරේ
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
නොදහම මැද මියැදී අවසානය

බුදුනේ....
බුදු පියාණනේ....

නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩමකරන්
මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන්
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අදමිටු ජනයින් අතර අනාතය

බුදුනේ....
බුදු පියාණනේ....
මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කළ මැනවී
පුනරාලෝකය දෙනු මැනවී

බුදුනේ....
බුදු පියාණනේ....

ගායනය - ෂෙල්ටන් පෙරේරා
ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - සරත් දසනායක
චිත්‍රපටිය - සසර චේතනා (1984)

මෙම ගීයට සරසවි සම්මාන උළලේ හොඳම ගීයට හිමි සම්මානය හිමි විය.

කිකිණි දැල්

කිකිණි දැල් ගිගිරි වැල්
රසය ගල ගලා
හඬ ද ඒ එන්නෙ මේ
සුළඟෙ මුසු වෙලා

ඔබෙ වදන් සිහිකරන්
සිතට පිටුපපා
කවර නම් අමර නම්
සිළිඳු මට එපා

සිසිල පොකුණු පිරීයන්
නොපිපි කැකුළු පිපීයන්.
රුව මැවි මැවි පෙනීයන්
ඇයගෙ සුවඳ දැනීයන්
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා

කිකිණි දැල් (හා ආ ආ ආ)
ගිගිරි වැල් (හා ආ ආ ආ)
රසය ගල ගලා (හාආආ හා ආ ආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හා ආ ආ ආ)

අඳුර එළිය වුණාවේ
වැල ලියලා ගියාවේ
මල් පෙති පිබිදුණා වේ
පෙර පින අද හිනාවේ
ජීවිතේ ජීවිතේ සිහින එළි වෙලා

කිකිණි දැල් (හා ආ ආ ආ)
ගිගිරි වැල් (හා ආ ආ ආ)
රසය ගල ගලා (හාආආ හා ආ ආ ආ)
හඬ ද ඒ එන්නෙ මේ (හාආආ හාආආ)
සුළඟෙ මුසු වෙලා (හාආආ හාආආ ආ)

ඔබෙ වදන් සිහිකරන් (ම් ම් ම් ම්..)
සිතට පිටුපපා (ම්ම්ම් ම්ම්ම් ම්.)
කවර නම් අමර නම් (ම්ම්ම් ම්ම්ම්)
සිළිඳු මට එපා (ම්ම්ම් ම්ම්ම් ම්.)

ගායනය - සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා) සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය ටී. ෂෙල්ටන් පෙරේරා
චිත්‍රපටිය - සරුබිම (1967)

ගුවන් තොටිල්ලේ

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා

දරු දුක මට මෙන් හිතට දැනේවා
පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා
හෙට හිමිදිරියේ අප වෙත ඒවා

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා

යන එන තැන්හී හිත සැනසේවා
සතර වරම් දෙවි පිහිට ලැබේවා
දැඩි හිත ඔහුගේ යළි උණු වෙවා..

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා
සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැළැවෙනවා

ආ.. ආආ.. ආආආ.... //

ගායනය - සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය ටී. ෂෙල්ටන් පෙරේරා
චිත්‍රපටිය - දරු දුක (1967)

Wednesday, January 3, 2018

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ


එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ....
ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ....
ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍
අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ         
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ 
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ ....//
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

ගායනය - විශාරද ෂෙල්ටන් පෙරේරා
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - ටී.ෂෙල්ටන් පෙඓ්රා


මේ ගීයට තනුව නිර්මානය කිරීමේදී ෂෙල්ටන් පෙරේරා නම් කෘතහස්ත සංගීතවේදියා, බෙන්ගාලි ජන සංගීතයේ එන නාද මාලා බෙහෙවින් කලතා, අනා, මුහු කරගත් බව හොඳින්ම පෙනෙන්නට තියෙනවා.

වෙසෙසින්ම මෙහි පහත මා ඉදිරිපත් කරන, 1959 දී තිරගතවූ "සුජාතා" හින්දි චිත්‍රපටියට, එස්.ඩී. බර්මන් ගැයූ "Sun Mere Bandhu Ru" ගීය, ⁣'එගොඩහ යන්නෝ' ගියේ අත්තිවාරමේ දී පාදක කරගත් ගීය බව මා තැන් කිහිපයකදී අසා තිබෙනවා.


ඔබට මතක ඇති "ආරාධනා" චිත්‍රපටියට, එස්.ඩී. බර්මන් ගායනා කළ Saphal Hogi Teri Aradhana යන ගීය.

ඒ ගීය තුළ ගැබ් වෙලා තියෙන්නෙත් බෙන්ගාලි ජන සංගීතය.

මේ අනුභූතීන් 'එගොඩහ යන්නෝ' ගීයේ සංගීත නිර්මානයේ අමු ද්‍රව්‍ය වූ බවයි ම⁣ට හැඟෙන්නෙ.


මෙ‍
ම ගීය පිළිබඳ 'ස්වාධීන රූපවාහිනී' සේවයේ "සංහිඳ" වැඩසටහනේ වූ කතිකාවක් මෙහිලා එක් කරන්නට කැමතියි. මේ කතාබහට එක්වුණා බණ්ඩාර ඇහැළියගොඩ සමග සතිෂ් පෙරේරා. පූරක ලෙස කටයුතු කළේ ඉන්ද්‍රසිරි සුරවීර. (රූප රාමු හා හඬ ඛණ්ඩයේ අයිතිය ස්වාධීන රූපවාහිනී සේවය සතුයි. අධ්‍යන කාර්යයකට හැරෙන්නට වෙනත් කවර හෝ දෙයකට යොදා ගැනීම ‍ නොකළ මැනවි.)



මෙහි ඉහත සඳහන් කරන්නට යෙදුණු Sun mere badhu re හින්දි  ගීයේ පද

Sun mere badhu re
Sun mere mitavaa
Sun mere saathi re

Hotaa tu pipal mai
Hoti amar lataa teri
Hotaa tu pipal mai
Hoti amar lataa teri
Tere gale mala ban
Ke padi musakaati re
Sun mere saathi re
Sun mere badhu re

Diyaa kahe tu saagar
Mai hoti teri nadiyaa
Diyaa kahe tu saagar
Mai hoti teri nadiyaa
Lahar bahar kar tu apane
Piyaa chaman jaati re
Sun mere saathi re
Sun mere badhu re
Sun mere mitavaa
Sun mere saathi re
Sun mere badhu re
Sun mere mitavaa
Sun mere saathi re.

सुन मेरे बधु रे
सुन मेरे मितवा
सुन मेरे साथी रे

होता तू पीपल मई
होती अमर लता तेरी
होता तू पीपल मई
होती अमर लता तेरी
तेरे गले माला बन
के पड़ी मुसकाती रे
सुन मेरे साथी रे
सुन मेरे बधु रे

दिया कहे तू सागर
मई होती तेरी नदिया
दिया कहे तू सागर
मई होती तेरी नदिया
लहार बहार कर तू अपने
पीया चमन जाती रे
सुन मेरे साथी रे
सुन मेरे बधु रे
सुन मेरे मितवा
सुन मेरे साथी रे
सुन मेरे बधु रे
सुन मेरे मितवा
सुन मेरे साथी रे.

Song - Sun mere badhu re
Singer - Sachin Dev Burman
Lyricist - Majrooh Sultanpuri
Music Composer - Sachin Dev Burman
Movie - Sujata 1959

මිහිරැති වසන්ත කාලේ


මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ ....//
මිහිරැති වසන්ත කාලේ 

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවෙයි වෙලී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ
මිහිරැති වසන්ත කාලේ 

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
කඳුළැලි නෙතින් ගලාලා

ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ

මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

ගායනය = විශාරද ෂෙල්ටන් පෙරේරා
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව - ෂෙල්ටන් පෙරේරා