Wednesday, January 3, 2018

මිහිරැති වසන්ත කාලේ


මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ ....//
මිහිරැති වසන්ත කාලේ 

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවෙයි වෙලී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ
මිහිරැති වසන්ත කාලේ 

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
කඳුළැලි නෙතින් ගලාලා

ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ

මිහිරැති වසන්ත කාලේ 
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

ගායනය = විශාරද ෂෙල්ටන් පෙරේරා
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව - ෂෙල්ටන් පෙරේරා

No comments: