Showing posts with label දයා ශාන්ත කාරියවසම්. Show all posts
Showing posts with label දයා ශාන්ත කාරියවසම්. Show all posts

Sunday, March 24, 2019

මගේ පැල තුළ



මගේ පැල තුළ මගේ තනියට කඳුළ ළඟ හිඳුවා
ප්‍රියේ ඔබ ගිය පුවත ලොව වෙත ඉඳිමි මම සඟවා ...//

සරා හැඟුමක රසය විඳුමට ඔබට සිත දී නම්
ඔබේ සිත යට මගේ පෙම මට අහිමිවී යා නම්
කෙසේ ඉවසා සිටින්නද මා මසිත වැළපේ නම්
ගැලී තනිකම රැයේ අඳුරේ තුරුලු කර ගමි මම්

මගේ පැල තුළ මගේ තනියට කඳුළ ළඟ හිඳුවා
ප්‍රියේ ඔබ ගිය පුවත ලොව වෙත ඉඳිමි මම සඟවා

ලොවම දෙදරා අහස ගුගුරා හඬා වැටුණාවේ
මසිත මා ළඟ වැළපෙනායුරු ඔබට දැනුණාවේ
සුසුම් කඳුළැලි සදා ඔබ වෙත උරුම නොවුණාවේ
රුදුරු පෙම් ලොව කටුක දිවි මඟ මටම ලැබුණාවේ

මගේ පැල තුළ මගේ තනියට කඳුළ ළඟ හිඳුවා
ප්‍රියේ ඔබ ගිය පුවත ලොව වෙත ඉඳිමි මම සඟවා ...//

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
පද - දයා ශාන්ත කාරියවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ