Showing posts with label අයිවෝ ඩෙනිස්. Show all posts
Showing posts with label අයිවෝ ඩෙනිස්. Show all posts

Tuesday, August 13, 2019

වලාකුළින් බැස


https://ijoear.com/Paper-October-2015/IJOEAR-OCT-2015-11.pdf


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ


එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා


වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


වැඩක් නොගත් දිය අඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


ගායනය - අයිවෝ ඩෙනිස් සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත



Walakulin Besa Saman Kulath Wenda - Ivor Denis & Nalini Ranasinha

Friday, March 22, 2019

සාමයෙ කොඩි වැල්

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ සුදු මල් පෝයට පුද දුන්
පෙරදිග මල් මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කවි වැල්
ලෝකෙම රැව් දුන්
පෙරදිග කවි මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

ගායනය - අයිවෝ ඩෙනිස් සහ මාලිනී බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ප්‍රේමසිරි කේමදාස

Thursday, December 27, 2018

අනුරාපුර පොළොන්නරුව



අනුරාපුර පොළොන්නරුව සීගිරි මන බන්දනීය
කුළුණු පිළිම බිතු සිතුවම් නන් සිතුවිලි රන්ජනීය
නන් සිතුවිලි රන්ජනීය
නන් සිතුවිලි රන්ජනීය

පස් පියුමින් පිරුණු පොකුණු රේණු හැළී රන් පාටය
ඉන් නැහැවී නිල් ගැන්වෙන ගොයම් තලා පින් පාටය
ගොයම් තලා පින් පාටය
ගොයම් තලා පින් පාටය

වසන්තයේ හිරිමල් වන බිඟු ගී මිහිරෙන් පිරෙන්නෙ
මහියංගන කැලේ සැදෙන මීවද වල පැණි පෙරෙන්නෙ
මීවද වල පැණි පෙරෙන්නෙ
මීවද වල පැණි පෙරෙන්නෙ

මින්නේරිය අබය වාපි තෝපා ගිරිතලේ සිරිය
විසිතුරු ඇති ගී ගයන්න සරසවි දේවිටත් බැරිය
සරසවි දේවිටත් බැරිය
සරසවි දේවිටත් බැරිය

පෝය හඳේ පිල් විහිදා මොණර නිලෙන් නටන තාල
මල් දේදුනු රටක් කරයි රෑසි හඬන රුහුණු යාල
රෑසි හඬන රුහුණු යාල
රෑසි හඬන රුහුණු යාල

සිහින් සේල ඉඟ ලා ගත් පළුඟු කුමාරියක රුවට
දියළුම දිය ඇලි දේවිය සිහින ලොවක් කෙරෙයි අවට
සිහින ලොවක් කෙරෙයි අවට
සිහින ලොවක් කෙරෙයි අවට

නංගා නිල්වලා මාල හංගා නිල් කැට දිය යට
ගංගා ලිය ගලා බසියි ගිරි පෙළ කරවා පියගැට
ගිරි පෙළ කරවා පියගැට
ගිරි පෙළ කරවා පියගැට

පනාමුරේ කුංචනාද රැව් පිළිරැව් දෙයි දෙවේලෙ
තාලෙට ගොවි බිමට බසියි කිරි ඉතිරෙන කුණ්ඩසාලෙ
කිරි ඉතිරෙන කුණ්ඩසාලෙ
කිරි ඉතිරෙන කුණ්ඩසාලෙ

වෙසක් මහේ කැකුළු බුරුතු හිනැහී ඇස් නටවන විට
ගසක් නෑර හැම ලැහැබම පෙරැළෙයි මනමාලියකට
පෙරැළෙයි මනමාලියකට
පෙරැළෙයි මනමාලියකට

මාල ගිරා රංචු සැදී ජයමංගල ගී ගයන්නෙ
කජු නාඹර නරඹන විට ඒ ගැයීම නත‍රවන්නෙ
ඒ ගැයීම නත‍රවන්නෙ
ඒ ගැයීම නත‍රවන්නෙ

සීගිරි ගිර සරසන කැඩපත් පවුරට එබී බලන
දෙනෙතට හමුවෙන්නෙ ලොවෙකි සිඟිති කලා පිළිබිඹු වන
සිඟිති කලා පිළිබිඹු වන
සිඟිති කලා පිළිබිඹු වන

පේන මාන නිල් හැඩ වන් ඌව තලා සුන්දරීය
මිණි මුතු මතැ වැඩෙන අපේ ලක් මව හරි පින්බරීය
ලක් මව හරි පින්බරීය
ලක් මව හරි පින්බරීය

ගායනය - අයිවෝ ඩෙනිස් සහ පිරිස
පද - මර්සිලින් ජයකොඩි පියතුමා

ප්‍රකට විරිඳු නාද රටා ඇසුරින් සංගීත අදියුරු - සුනිල් සාන්ත

1956 දෙසැම්බර් 28 දින මුල් වරට තිරගතවූ රේඛාව චිත්‍රපටියේ ඇතුළත් වූ විරිඳු ගැයුමකි.

Wednesday, February 1, 2017

අඳුරු කුටිය තුළ

ආ අඅ ආ අඅ ආ.....
ආ අඅ ආ අඅ ආ.....
ආ අඅ ආ අඅ ආ.....

අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ....)

පොළොව කොටන තැන (හ හා...)
පාර හදන තැන (හ හා...)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ... (ආ අඅඅඅ ආ....)

බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...

ආ අඅ ආ .....
ආ අඅ ආ .....
ආ අඅ ආ .....
ආ අඅ ආ .....
ආ අඅ ආ .....
ආ අඅ ආ .....

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ... (හහ් හා .....)
ආ ආ ආ ආ ආ..
ආ ආ ආ ආ ආ..
ආ ආ ආ ආ ආ..

අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ....)

පොළොව කොටන තැන (හ හා...)
පාර හදන තැන (හ හා...)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ... (ආ අඅඅඅ ආ....)

බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...

ආ අඅ ආ .....
ආ අඅ ආ .....      
ආ අඅ ආ .....
ආ අඅ ආ .....
ආ අඅ ආ .....
ආ අඅ ආ .....

කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ... (හහ් හා .....)
ආ ආ ආ ආ ආ..
ආ ආ ආ ආ ආ..
ආ ආ ආ ආ ආ..

අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ....)

පොළොව කොටන තැන (හ හා...)
පාර හදන තැන (හ හා...)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ... (ආ අඅඅඅ ආ....)

බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...

බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...

ගායනය - ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර ඇතුළු පිරිස
පද - ප්‍රේමදාස භ්‍රී අලවත්ත
තනුව හා සංගීත අදියුරු - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
පිරිස (පිරිමි)
පිරිස (සැවොම)

Friday, May 1, 2015

නැඟෙන වැටෙන වැටී නැඟෙන

නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ ...//

එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ
දිනුම් පෙන්න අතේ දුරයි කැපී වැටෙන්නේ
වැටුණු ඉරට රුවන් ඉරයි වැටී පෙනෙන්නේ
දාදු දමන්නේ

නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ
වාසනාව නාග කටේ ඇයි බිය වෙන්නේ
බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ
පිනට ඇරෙන්නේ

නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

පියෙන් පියට දාදු පෙතේ කපටි ගැට වැටේ
ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ
වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ
දාම දිනන්නේ

නැඟෙන වැටෙන වැටී නැඟෙන පෙරළෙන ලෝකේ
වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ
නැත්ත මතින් ඇත්ත නැඟී සිටී අන්තිමේ
විනිස දවස පැමිණිදාට කර්මයා අසයි
කවුරුද හරි?
කවුරුද හරි?
කවුරුද හරි?
කවුරුද හරි?

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ අයිවෝ ඩෙනිස්
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව හා සංගීතය - සිසිර සේනාරත්න

1969 දී තිරගතවූ "කවුරුද හරි" චිත්‍රපටියෙන්