Showing posts with label රැපියෙල් තෙන්නකෝන්. Show all posts
Showing posts with label රැපියෙල් තෙන්නකෝන්. Show all posts

Sunday, December 15, 2013

කුකුළු හැවිල්ල

දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ ....//

මගෙ කුකුළා නැසූ එකා //
දදය ඔබගෙ පාළු ය කා
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු ය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල
හෙළුව හෙල්ල
මුලැම බෙල්ල
මරු තැනේ

කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ...//

පයින් මැ ගොස් ඇවිදැ වටේ
පොළොවෙ උලා නළල් ඇටේ

දිගට ඇදී ....
දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී
දෙවියනේ
දිගට ඇදී .....

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනුහී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

කතරගමේ //
බල මහිමේ
දුටු ද එ මේ
හැම තැනේ
කතරගමේ

කියමින් නම'කුරු ඔබ ගේ‍
බොළඳුන්ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එක'තින් හිමි සඳුනි මගේ

දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ ...//

මට කළ මෙවිපත අනේ
බලා ගන්නැ දෙවියනේ ....//
වැජඹෙන නා මෙ විමනේ
බලන්න නා සාමිනේ

නා සාමිනේ......

ගායනය - සුනිල් සාන්ත
පද - රැපියෙල් තෙන්නකෝන්
තනුව - සුනිල් සාන්ත

 
මේ පහත ඉදිරිපත් කරන වීඩියෝවෙන් ඉහත ගීයට කිසි ලෙසකින්වත් අගෞරවයක් කරන්න නොවෙයි. 
කුමාර තිරිමාදුර මහතාගේ සුවිශේෂී දක්ෂතාව ගෙන හැර පාන්නයි එය ගෙනාවෙ.

කුමාර තිරිමාදුර ITN රූපවාහිනියේ
Chat N' Music වැඩසටහනට
2012 දෙසැම්බර් මස 14 වැනිදා 'දුදනොද බිඳ' ගීය ගැයූ අයුරුයි මේ.