Showing posts with label ජගත් විජේවීර. Show all posts
Showing posts with label ජගත් විජේවීර. Show all posts

Sunday, March 29, 2015

රාධා


ඔබ හඬනවනම් මහ හයියෙන්
හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිඳින්න රාධා
සිහින වෙලා රෑ තිස්සේ
නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විඳින්න රාධා

ළඟට වෙලා තුරුලු වෙලා
ඔබේ සුසුම විඳින්න රාධා

දුර ආකාසේ තරු අතරේ
නොඉන්න රාධා
මගෙ නෙත් අතරේ රශ්මිය වී
හිඳින්න රාධා
පුර හඳට මුවාවෙලා හොරෙන්
නොපෙනී රාධා
මගෙ උරහිස මත අටවකදා
නිදන්න රාධා

ඔබ හඬනවනම් මහ හයියෙන්
හඬන්න රාධා
මට ඇහෙන දුරින් හිඳින්න රාධා

ළඟට වෙලා තුරුලු වෙලා
ඔබේ සුසුම විඳින්න රාධා

මලක් වෙලා අර අතු අග
නොපෙනී රාධා
මා ළඟම පිපී සුවඳ දිදී
හිඳින්න රාධා
ජීවිතයම ගිණියම් වූ
දීර්ඝතම රාත්‍රියයි මේ රාධා
මට පේන දුරින් හිඳින්න රාධා

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජගත් විජේවීර
තනුව - ජගත් විජේවීර
සංගීත සංයෝජනය - ඇන්තනී සුරේන්ද්‍ර


Radha - Amarasiri Peiris