Showing posts with label සියඹලන්ගමුවේ අමරදාස. Show all posts
Showing posts with label සියඹලන්ගමුවේ අමරදාස. Show all posts

Sunday, November 19, 2017

සුන්දර උයන් පෙතක

සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

සසර අගාධයේ
වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි කටු කැලේ හැලෙද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

ගායනය - සේනානායක වේරලියද්ද
පද - සියඹලන්ගමුවේ අමරදාස
තනුව හා සංගීතය - සේනානායක වේරලියද්ද