Showing posts with label මරියසෙල් ගුණතිලක. Show all posts
Showing posts with label මරියසෙල් ගුණතිලක. Show all posts

Tuesday, September 17, 2019

මුතු පබළු ගෙලේ


මුතු පබළු ගෙලේ විසිර ගියාවේ
මුදු වරළ මිදී අවුල් වුණාවේ
මුව කිකිණි සිනා නිහඬ වුණාවේ
ඔබෙ දෙතොල් පහස ඉතිරි වුණාවේ

අරුණේ අරුණැල්ලේ පිපි දුහුල් මල් වගේ
පවනේ පවනැල්ලේ යන පුළුන් කැටි වගේ
සිත අයාලයේ ඉගිල ඔහේ සරන වෙලාවේ
මට ඔබයි ඔබේ සෙනෙහෙ අරන් තනියට ආවේ

සයුරේ නිල්  රැල්ලේ සුදු සුමුදු පෙණ වගේ
නිල්ලේ තණ නිල්ලේ රැඳි සිහින් පිණි වගේ
පැතු සෙනේහයේ පැතුම් සිඳී බිඳෙන වෙලාවේ
මට ඔබයි මගේ ජීවිතයට සතුට ගෙනාවේ

මුතු පබළු ගෙලේ විසිර ගියාවේ
මුදු වරල ලිහී අවුල් වුණාවේ
මුව කිකිණි සිනහ නිහඬ වුණාවේ
ඔබෙ දෙතොල් පහස ඉතිරි වුණාවේ

වූ... වූහූ ඌ ඌ.... වූ.. හූ.. වූහූ ඌ ඌ....

ගායනය - මරියසෙල් ගුණතිලක
පද - සිසිර දිසානායක
තනුව - කැමරන් කොළඹගේ


Muthu Pabalu Gele - Mariazell Gunathilaka