Showing posts with label වික්ටර් රත්නායක. Show all posts
Showing posts with label වික්ටර් රත්නායක. Show all posts

Thursday, May 21, 2026

විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු

විශ්වාසය නිදන් කෙරුව හිතක් බිදුණු පසු
කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු
නුරා මතත් නොදත් කමක් කියා පලක් නොවේ
කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ ....//

හිමාලයත් නිල් අහසත් තිබණු ලෙසම තියේ
මිනිස්කමයි වෙනස් වෙවී ගලා ගියේ රැයේ
ආදරයත් හිස් වදනකි පෙන බුබුලක් වගේ
අනුන්ට නොව තමන්ටමයි සමහරු ආදරේ
සමහරු ආදරේ

විශ්වාසය නිදන් කෙරුව හිතක් බිදුණු පසු
කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු
නුරා මතත් නොදත් කමක් කියා පලක් නොවේ
කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ

එක වරදක් වසාගන්න බොරු දහසක් ගෙතේ
එහෙත් එයින් ජයක් ලැබූ අයෙක් ඉපිද නැතේ

දියට යටින් ගිනි දළු ගෙන ගෙවන මිනිස්කමින්
සීතාවක් වුවත් පලක් නොවේ වදන් වලින්
නොවේ වදන් වලින්

විශ්වාසය නිදන් කෙරුව හිතක් බිදුණු පසු
කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු
නුරා මතත් නොදත් කමක් කියා පලක් නොවේ
කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ

හිමාලයත් නිල් අහසත් තිබණු ලෙසම තියේ
මිනිස්කමයි වෙනස් වෙවී ගලා ගියේ රැයේ

ආදරයත් හිස් වදනකි පෙන බුබුලක් වගේ
අනුන්ට නොව තමන්ටමයි සමහරු ආදරේ
සමහරු ආදරේ

විශ්වාසය නිදන් කෙරුව හිතක් බිදුණු පසු
කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු
නුරා මතත් නොදත් කමක් කියා පලක් නොවේ
කිරිල්ලියක් ඉගිලෙන්නට උගත යුතුද ලොවේ

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන 
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

Friday, November 24, 2023

හෝපලු වන පෙත



හා............ආ....ආ..අ..ආ....
ආ... ආ.. අඅ ආ...
හඅඅඅ ආ... ආ....ආ..අ..ආ....
හා..ආ....ආ.
ආ.... ආඅආ.....
හා.......ආ....ආ..අ..ආ....
ආ... ආ.. අඅ ආ...
හා..ආ....ආ.

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන ....//

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි |

ධාන    ධාන    තකිට තකිට | කත්ත ධිකිට කතක ධිගෙන | ධගින ධගින තකිට තකිට | කත්ත ධිකිට කතක ධිගෙන
කත්ත ධිකිට කතක ධිගෙන | ධා++      +      කත්ත  ධිකිට | කතක ධිගෙන ධා++    +    | කත්ත ධිකිට කතක ධිගෙන
ධා+

ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනි'ඟ සුවිපුල් උකුල් දරන්නී
ළැම විල පියකරු හසුන් රකින්නී.......

අඅඅඅ ආ
අඅආ
අඅඅඅ අඅඅඅ ආ
අඅඅඅ ආ අඅආ අඅඅඅ
අඅඅඅ ආ..

ළැම විල පියකරු
ළැම විල පියකරු
ළැම විල පියකරු හසුන් රකින්නී
සිහිනි'ඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්ථන රංගන කළ මැන

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන ....//

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි |

අංජන ගල්වන පංකජ නයනී
වෙන චංචල කළ සත්සර දියණී
අංජන ගල්වන පංකජ
නයනී ..........

ආආ ආ. අආ........... ආආ ආආ ආආ....
ආආ ආආ ආ...
ආ... ආඅඅ ආ....

අඅඅ අඅඅ අඅ අඅ ආ
අඅඅ අඅ අඅ ආ
අඅ අඅ ආ අඅ ආ
අඅ ආ
අඅ ආ
අංජන ගල්වන..
අංජන ගල්වන පංකජ නයනී
වෙන චංචල කළ සත්සර දියණී
මන්මද නර්ථන
රංගන කළ මැන

හෝපලු වන පෙත
කම්පිත කරවන
මන්මද නර්ථන
රංගන කළ මැන ....//

ගම ධනි ස ගම | ධනි ස ගම ධනි |

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක



"ස ප්‍රසංගයේ ආරම්භක අවධියේ මේ ගීය වික්ටර් ගැයූ අයුරු
වීඩියෝවේ අවසානය තාක්ෂණික ගැටළුවක් මත කාලානුරූපයෙන් පිටපැනීම ගැන කණගාටුයි.


Wednesday, October 18, 2023

සීගිරි ලඳකගෙ



සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)
සඳකඩපහණේ මුදු රැළි අතරේ තිසර ලතාවයි (තිසර ලතාවයි)
සුසිනිඳු කළුගල් කුළුනු හිසේ දිසි ලලිත ලතාවයි (ලලිත ලතාවයි)

තල්පත් අතරේ පන්හිද තුඩගින්
නව නළු රස ගංගා ගලලා (ගල්කටු පහරින් කළුගල් මත්තේ)
කෝමල රේඛාවන් නැගිලා
කෝමල රේඛාවන් නැගිලා

සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)

ගුවන් කුසේ සිට සුරවමියන් දුන්
සුමුදු සිනා පොද ඇද හැලිලා (යුගයෙන් යුගයට අසිරිය පවසයි)
හෙළ විරුදා ගී පොත පෙරලා
හෙළ විරුදා ගී පොත පෙරලා

සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)

(තරඟ ලතාවයි)////

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ පිරිස
පද - ඩබ්.ඒ. අබේසිංහ
තනුව - වික්ටර් රත්නායක

ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට ගැයූවකි.
තැටි අංකය LS 8085

Wednesday, December 9, 2020

මම තවම ඉන්නවා

හිතේ හැංගී හැංගි
ඔබ තවම ඉන්නවා
නෙතේ කඳුළැලි තියන්
හිත හුස්ම වැටෙනවා

සිතේ රිද්මය මගේ
ඔබෙ රුවම සොයනවා
ආදරේ ගුලි කරන්
මම තවම ඉන්නවා

මගේ හිත සියුම් තැන්
පෙමින් පිිරිමදිනවා
හඬ හඬා නොකී කවි
හෙමි හෙමින් කියනවා

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විඳිනවා 
ආදරේ ගුලි කරන් 
මම තවම ඉන්නවා

මවකගෙන් ලද සෙනේ
ඇය මවෙත පුදනවා 
හිරු සඳුත් තාරුකා 
අප දෙපස නැඟෙනවා 

සඳ කිරණ පරදවා 
ඔබෙ වතම පේනවා 
ආදරේ ගුලි කරන් 
මම තවම ඉන්නවා

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - තරින්ද ගුණවර්ධන
සංගීතය - දර්ශන වික්‍රමතුංග

Saturday, May 23, 2020

පිනිබර යාමේ


පිනිබර යාමේ සැවුලන් හඬළනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී ...//
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා
දුක්වේවී අම්මා

පිනිබර යාමේ සැවුලන් හඬළනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

වේල දෙවේලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා ...//
කලට රුවන් වැසි වස්සන තාලේ
සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා

පිනිබර යාමේ සැවුලන් හඬළනවා
අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මෙම ගීය, 1984 දී "පිනිබර යාමේ" කැසට්පටයට ඇතුළත් වුණා. නැවත 2005 වසරේදී නිකුත්වූ "සුනිල් ගී 22" සංගත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.

Thursday, May 21, 2020

සිනහ වෙනු මැන වේදනා පිසදා

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා ...//

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත ...//
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා

කඳුළ දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම් ....//
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහ වෙනු මැන වේදනා පිසදා
වේදනා පිසදා ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක




සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. 
1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය. 1988 දී සින්ග්ලංකා "නෑසෙන ගී රස" සංයුක්ත තැටිය හා කැසට් පටයට ඇතුළත් විය.

Wednesday, May 20, 2020

තරිඳු සේ නිලඹරේ


තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න ....//

සඳ එළිය බලා මා පුබුදුවන විලාසෙන්
දුර සිටින ඔබ බලා නොතැවී හිඳින්නම් //

තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න

ළඟාවූ සියලු දෑ නිසරුවී ඇති නිසා
ඔබ ළඟා වනු එපා නොතැවී සිටින්නම් //

තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ඇතුළත්වූ ගීයකි. 2008 වර්ශයේ "ටොරානා" ලේබලයෙන් නිකුත්වූ "වාදකයාණනි" සංගත තැටියට හා කැසට් පටයට ඇතුළත් විය.

Tuesday, May 12, 2020

ඇස් ඉස් මස් ලේ ඔබට පුදන්නම්


ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//

මගේ ඇසින් මට වඩා දකින්නට
නැණ බල ඇතිනම් ඇස් දන් දෙන්නම්
මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්
දෑතින් ගලවා හිස දන් දෙන්නම්

ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//

මා ලද මේ ඇස් ඉස් මස් ලේ ගෙන
ජීවිත දහසක් සනාථ කළ මැන
මිහිමඬලේ මා සැතපෙන්නට පෙර
මිනිසත් භවයේ ඵල මට දුන මැන

ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

සංරක්ෂණය වී ඇති ගීයේ බිඳ වැටීම් කිහිපයක්  ඇත. මෙය සුනිල් එදිරිසිංහයන්, තම ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට (1975) ගායනා කරන ලද්දකි. කවරෙකු හෝ සතුව වඩා යහපත් තත්වයේ පවතින ගීයක් ඇතොත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

Sunday, May 10, 2020

තාරකා මල් පිපී හිනැහෙන


තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

හිරු සඳුට හා ලොවට රහසින්
සදාගමු අපෙ පුංචි ලෝකය ...//
දුකට කඳුළට පවුරු බඳිමින්
පෙමින් සරසමු එවන් ලෝකය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය ...//
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ සමග මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. එදා එම වැඩසටහනට සුනිල් එදිරිසිංහ මේ ගීය ගැයුවේ නිරංජලා සරෝජිනී සමගය.
1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය.