Wednesday, October 18, 2023

සීගිරි ලඳකගෙ



සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)
සඳකඩපහණේ මුදු රැළි අතරේ තිසර ලතාවයි (තිසර ලතාවයි)
සුසිනිඳු කළුගල් කුළුනු හිසේ දිසි ලලිත ලතාවයි (ලලිත ලතාවයි)

තල්පත් අතරේ පන්හිද තුඩගින්
නව නළු රස ගංගා ගලලා (ගල්කටු පහරින් කළුගල් මත්තේ)
කෝමල රේඛාවන් නැගිලා
කෝමල රේඛාවන් නැගිලා

සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)

ගුවන් කුසේ සිට සුරවමියන් දුන්
සුමුදු සිනා පොද ඇද හැලිලා (යුගයෙන් යුගයට අසිරිය පවසයි)
හෙළ විරුදා ගී පොත පෙරලා
හෙළ විරුදා ගී පොත පෙරලා

සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි (නෙරිය ලතාවයි)
තිසා වැවේ නැටු චංචල රේඛා තරඟ ලතාවයි (තරඟ ලතාවයි)

(තරඟ ලතාවයි)////

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ පිරිස
පද - ඩබ්.ඒ. අබේසිංහ
තනුව - වික්ටර් රත්නායක

ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට ගැයූවකි.
තැටි අංකය LS 8085

No comments: