Showing posts with label මර්සි එදිරිසිංහ. Show all posts
Showing posts with label මර්සි එදිරිසිංහ. Show all posts

Friday, December 30, 2016

මඩේ ලඟින තාරාවන්


මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං ...//

මදන ඇතුන් නෙළුම් හුයෙන්
මදන ඇතුන් නෙළුම් හුයෙන් බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද නෙළූ පලා මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

හමන සුළං මකුළු දැළෙන්
හමන සුළං මකුළු දැළෙන් වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන් මල් නෙළන්නෙ මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි
මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

ගායනය - මර්සි එදිරිසිංහ
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.
මෙම ගීය තාරාවෝ ඉගිලෙති ප්‍රථම නිෂ්පාදනයට ඇතුළත් වූයේ නැත.