Showing posts with label රඹුකන සිද්ධාර්ථ හිමි. Show all posts
Showing posts with label රඹුකන සිද්ධාර්ථ හිමි. Show all posts

Friday, August 21, 2026

සුසංයෝග ගී මී



පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ අපවත් වෙලා.

විශාරද නන්දා මාලනී මහත්මියත් දිවි ගමන නිමා කළා.

දෙපළම සිංහල ගී කෙත අස්වද්දන්න කළ මෙහෙය අපමණයි.

 කිවියර යතිවර රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේටත්,  සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මැතිනියටත් උපහාරයක් ලෙස දෙදෙනාම එක්ව කළ ගී නිර්මාණ දෙකක් ගෙන  එනවා.

1. රෑ සඳ අහස් ගඟෙන්

රෑ සඳ අහස් ගඟෙන්

ගෙනා සිසිල මහ පොළොවට

හිමිදිර⁣යේ පිණි කැට සේ


දිළිසෙන විට ළා තණ මත

සිහිවෙන්නේ මට අම්මාමයි

අම්මේ හොරෙන් හැඬූ කඳුළු කොයි තරම්

කඳුළු කොයි තරම්


කුලී වැඩපොළෙන් එතෙරව

වෙළී දරු දුකෙන් දිව යන


මැණික් මාලිගාවකි නුඹ සසර සාගරේ


සැළී තන කිරෙන් සැතපුව

හුදී ජන පහන් කරඬුව


කඳුළු මාලිගාවකි නුඹ සසර මාවතේ

සසර මාවතේ


රෑ සඳ අහස් ගඟෙන්

ගෙනා සිසිල මහ පොළොවට

හිමිදිර⁣යේ පිණි කැට සේ


දිළිසෙන විට ළා තණ මත

සිහිවෙන්නේ මට අම්මාමයි

අම්මේ හොරෙන් හැඬූ කඳුළු කොයි තරම්

කඳුළු කොයි තරම්


බදා හදවතින් දරු දුක

නිවා දූ පුතුන් ළය දුක


නෙළා ගෙන බැණුම්

වී පොරි රැයේ හාමතේ


වලාවෙන් මිදී සඳ ලෙස

දයාවෙන් වෙළී ගෙට එන

කුලී මාලිගාවකි නුඹ සසර ජීවිතේ

සසර ජීවිතේ


රෑ සඳ අහස් ගඟෙන්

ගෙනා සිසිල මහ පොළොවට

හිමිදිර⁣යේ පිණි කැට සේ


දිළිසෙන විට ළා තණ මත

සිහිවෙන්නේ මට අම්මාමයි

අම්මේ හොරෙන් හැඬූ කඳුළු කොයි තරම්

කඳුළු කොයි තරම්


ගායනය - නන්දා මාලනී

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව - ⁣රෝහණ වීරසිංහ




2. මලේ සුවඳ

මලේ සුවඳ වාගේ මල මතම රැඳී

විලේ ජලය වාගේ විල තුළම රැඳී

සඳේ සදාතන ආදර සිසිල වැදී

අපේ ආදරේ පවතී සුවඳ දිදී


කල්ප කාල මං තල වල හිනාවෙවී

කල්ප කාල දුර ආවා වෙනස් නොවී

සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතාවෙවී

පැතූ පැතුම් මල් වරුසා හෙටත් වහී


හිතේ වෙළෙන ළෙන්ගතුකම කියාදිදී

පෑව සිනා දුටු දා සිට පෙමින් වෙළී

මහාමෙරක් සේ මා සිත නොහැර සිටී

නුඹෙන් තොරව ආදරයක් සිතනු බැරී


මලේ සුවඳ වාගේ මල මතම රැඳී

විලේ ජලය වාගේ විල තුළම රැඳී

සඳේ සදාතන ආදර සිසිල වැදී

අපේ ආදරේ පවතී සුවඳ දිදී


ගායනය - නන්දා මාලනී

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව - ⁣නන්දා මාලනී


Saturday, August 17, 2019

කිරි සුවඳ අතින් ගෙන


කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්

කහ වතින් සැරසි නුඹ
ගම් මැදට වඩින දින
මගෙ හිතේ පිපේ පින් මල්

ගිහි ගෙවල් වලින් එන
ගිණි සුළං කෝඩ දැක
ඔබ ගියෙද මෙසේ පන්සල්

ගිනි සුළං නැති ද ඔහි
මල් සුවඳ ඇතිද ඔහි
දුක පමණි සසර දිගු කල්

දරු සෙනේ මහිම බල
දැන හැඳින ගතිමි මම
දුක නිසා හෙළූ කඳුළැල්

ඔබ දෙපා දොවන සඳ
ලොව්තුරා සිහින මැද
සිත් පුරා පිපේ සල් මල්

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්

කහ වතින් සැරසි නුඹ
ගම් මැදට වඩින දින
මගෙ හිතේ පිපේ පින් මල්

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - සමන්ත පෙරේරා


Kiri Suwanda Athin Gena - Neela Wickramasinha

චන්ද්‍ර මඬුලු මල් අතුරා


ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...

ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...


චන්ද්‍ර මඬුලු මල් අතුරා මල් යහනට වඩින මල් සරා ....
මන්ද මිතුරු තවම පමා පුන් සඳ සේ පෙම් සිනා (පෙම් සිනා..

පිච්ච සුවඳ ආලේ රැන්දු කල්පනා
කිම්ද සුවඳ ලීලේ එන්න තව පමා ...//

චන්ද්‍ර මඬුලු මල් අතුරා මල් යහනට වඩින මල් සරා ....
මන්ද මිතුරු තවම පමා පුන් සඳ සේ පෙම් සිනා (පෙම් සිනා..

වින්ද සතුට බාලේ බැන්ද මල් සිනා
කිම්ද හිතට ආලේ දෙන්න තව පමා ....//

චන්ද්‍ර මඬුලු මල් අතුරා මල් යහනට වඩින මල් සරා ....
මන්ද මිතුරු තවම පමා පුන් සඳ සේ පෙම් සිනා (පෙම් සිනා..

ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...

ලාල ලලල ලාලා... ලල ලල ලල
ලලල ලා...

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ


Chandra Madulu Mal Athura - Neela Wickramasinha

(චිත්‍රය - ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මානයකි.)

Friday, August 16, 2019

මං ආසයි ආදරේට

 අරුණැල්ලයි සඳරැල්ලයි
පින් පාටයි සාගරේට
සිහිලැල්ලයි මුතු වැල්ලයි
මං ආසයි ආදරේට

මං ආසයි ආදරේට (මං ආසයි
මං ආසයි ආදරේට (ආදරේට

කඳුළැල්ලයි හසරැල්ලයි උර දෙනවා ජීවිතේට
පවනැල්ලයි මුදු ඇල්මයි අත දෙනවා ආදරේට

කඳුළැල්ලයි හසරැල්ලයි උර දෙනවා ජීවිතේට
පවනැල්ලයි මුදු ඇල්මයි අත දෙනවා ආදරේට
මං ආසයි ආදරේට (මං ආසයි
මං ආසයි ආදරේට

අරුණැල්ලයි සඳරැල්ලයි
පින් පාටයි සාගරේට
සිහිලැල්ලයි මුතු වැල්ලයි
මං ආසයි ආදරේට

මං ආසයි ආදරේට (මං ආසයි
මං ආසයි ආදරේට (ආදරේට

කඳුරැල්ලයි ගඟුලැල්ලයි රඟ දෙනවා ගම වටේට
ඕවිල්ලයි නැළවිල්ලයි හිත දෙනවා ආදරේට

කඳුරැල්ලයි ගඟුලැල්ලයි රඟ දෙනවා ගම වටේට
ඕවිල්ලයි නැළවිල්ලයි හිත දෙනවා ආදරේට
මං ආසයි ආදරේට (මං ආසයි
මං ආසයි ආදරේට

අරුණැල්ලයි සඳරැල්ලයි
පින් පාටයි සාගරේට
සිහිලැල්ලයි මුතු වැල්ලයි
මං ආසයි ආදරේට

මං ආසයි ආදරේට (මං ආසයි
මං ආසයි ආදරේට (ආදරේට


ගායනය - නීලා වික්‍රමසිංහ
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ


Man Asai Adareta (Arunellai Sanda Rellai) - Neela Wickramasinha

Friday, August 2, 2019

හඳපාන හඳපාන

ඳපාන හඳපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ සොඳුරු කිඳුරු වත මඬලයි
මා සනසන්නේ

හිරුපාන හිරුපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ තරුණ අරුණ පිය දසුනයි
මා නළවන්නේ

සෙනෙහස යෞවනයේ ගඟුලැල්ලක් සේ
සසර පුරා ගලා ගියාවේ
ආදරයේ
සිහිලැල්ලේ
අපි මියෙන තුරා ඉමු සැනසිල්ලේ

හඳපාන හඳපාන
හිරුපාන හිරුපාන

මඳහස පාළු නොවී වලා පෙළක් සේ
සසර පුරා පාව ගියාවේ

ආදරයේ
සිහිලැල්ලේ
අපි මියෙන තුරා ඉමු සැනසිල්ලේ

හඳපාන හඳපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ සොඳුරු කිඳුරු වත මඬලයි
මා සනසන්නේ

හිරුපාන හිරුපාන
කිරණ ගලන මිණි පහනක් සේ
නුඹෙ තරුණ අරුණ පිය දසුනයි
මා නළවන්නේ

හඳපාන හඳපාන
හිරුපාන හිරුපාන

ගායනය - නීලා වික්‍රමසිංහ සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ


Handa Paana Handa Paana - Pandith W.D. Amaradewa

පින් කරන්න පමා වෙන්නෙපා

පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා ...//

වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
දවස දවස පමා මොකෝ සන්තෝසය බිඳිල යාවි
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

මරුවා ළඟ කෝටි ගනන් කාසි තියල බෑ දිනන්න
මරුවා ළඟ කෝටි ගනන් කාසි තියල බෑ දිනන්න
මරුවා ආ දාට එපා මිනිස්සුනේ කඳුළු බොන්න

පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

මරුවා එන එක සිකුරුයි හිතල මතල වැඩ කරන්න
මරුවා එන එක සිකුරුයි හිතල මතල වැඩ කරන්න
පින් පුරවා හඳපානේ වරෙන් ඉතින් නිවන් යන්න

පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
වයස සවස වගේ ඔහේ ඉක්මණින්ම ගෙවිල යාවි
දවස දවස පමා මොකෝ සන්තෝසය බිඳිල යාවි

පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා
පින් කරන්න පමා වෙන්නෙපා
අනේ පව් සිඳින්න මුලා වෙන්නෙපා

ගායනය - නීලා වික්‍රමසිංහ සමග කපිල හේරත්
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ

නුඹේ ඇසට එන

නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා

නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා


සොඳුරු හිතේ දුක කඳුළු ඇසේ දැක
මම හෙළුවා නුඹෙ හිතට හොරා


කිඳුරු මතක විල කඳුළු තනිව බී
මම හැඬුවා ඔබෙ නෙතට හොරා
හැඬුවා ඔබෙ නෙතට හොරා


නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා

නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා


ඔබේ හදේ රැඳි අඳුරු කල්පනා
මම වැසුවා මල් පොකුරු නෙළා


ඒ සෙනෙහස රැඳි මහරු සුවඳ සිත
මට පිහිටයි දෙවොලකට වඩා
පිහිටයි දෙවොලකට වඩා


නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා

නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා


ගායනය - නීලා වික්‍රමසිංහ සමග බණ්ඩාර අතාවුද
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ

Tuesday, July 30, 2019

අම්මයි මමයි විතරයි

අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි ...//

මී විතෙන් මදී හැකි නම්
රෑ ගෙදර එන්න අයියේ
අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි

රෑ තැබෑරුම් ද වහලා
මඟ වීදි පහන් නිවලා
ගම් දනව් නිදන මහ රෑ
අපි බලා ඉන්නෙ නොනිදා

අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි
මී විතෙන් මදී හැකි නම්
රෑ ගෙදර එන්න අයියේ
අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි

සෙනෙහසට ලැබෙන දඬුවම්
අපි කෙලෙස විඳිනු පවසන්
තරු බලා පාර අහගන්
දුක නිවා පැලට පායන්

අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි ...//

මී විතෙන් මදී හැකි නම්
රෑ ගෙදර එන්න අයියේ
අම්මයි මමයි විතරයි
මට ඉන්නෙ අයිය විතරයි

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ


Sunday, July 28, 2019

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ



මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

විසිතුරු මල් ලොව ගැන ඇල්මක් නැති
විසකුරු අතකින් නුඹත් නෙළාගෙන
පැස පුරවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නුපුදන අත් වලින් වසන්වී
සුවඳ දිදී පුදසුනක රැඳෙන්නට
පින් මදිවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී ...///

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - නීලා වික්‍රමසිංහ

චිත්‍රය සුදුමැණේ විේසූරිය මහත්මියේ නිර්මාණයකි.

එලෝ බලා යන ගමනේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

හිස් අතින් ද පරලොව යන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

නිම නොවෙනා තණ්හාවේ (තණ්හාවේ)
ඉම නොදැකා සංසාරේ (සංසාරේ)
හතර අපා වල ලගින්න ඇයි පොරකන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

හිස් අතින් ද පරලොව යන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

සැප කියනා මායාවේ (මායාවේ)
දුක දකිනා සීමාවේ (සීමාවේ)
ඥාණාලෝකය ලබන්න පින් පුරපන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

එලෝ බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ

හිස් අතින් ද පරලොව යන්නේ
මේ දේපොල රැගෙන යන්න බෑ මිනිසුන්නේ
බෑ මිනිසුන්නේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව - නීලා වික්‍රමසිංහ

Saturday, April 20, 2019

කිරි සුවඳ අතින් ගෙන

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්
කහ වතින් සැරසී නුඹ
ගම් මැදට වඩින දින
මගේ හිතේ පිපේ පින් මල්

ගිහි ගෙවල් වලින් එන
ගිනි සුළං කෝඩ දැක
ඔබ ගියෙද මෙසේ පන්සල්

ගිනි සුළං නැතිද ඔහි
මල් සුවඳ ඇතිද ඔහි
දුක පමණි සසර දිග් කල්

දරු සෙනේ මහිම බල
දැන හැඳින ගතිමි මම
දුක නිසා හෙළූ කඳුළැල්

ඔබගෙ පා දොවන සඳ
ලොව්තුරා සිහින මැද
සිත් පුරා පිපේ සල් මල්

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්
කහ වතින් සැරසී නුඹ
ගම් මැදට වඩින දින
මගේ හිතේ පිපේ පින් මල්

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - සමන්ත පෙරේරා

Wednesday, April 10, 2019

සියක් ආයු ලැබ

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

මහා පොළව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත
නිවන් පුරට යන මංපෙත හෙලිකළ
පහන් ටැඹක් වේවා

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

ගායනය - ටී.එම්. ජයරත්න
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්.එම්. ජයවර්ධන

කඳුළු කළේ උකුළෙ හැපේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

මේ සාගත මල්ල මගේ අන්න අනේ ගන්න එපා //
වින්නැහියකි මට සිදුවන්නේ
පොඩි දරුවන්ගේ කඳුළට බත ගෙනයන්නේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

මේ ජීවන වෙරළ දිගේ යන්න අනේ දෙන්න සෙනේ //
දුක විතරයි උරුමය වෙන්නේ
හිතේ කඳුළු තිත ගාවට ළංවී ඉන්නේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

ගායනය - චරිතා ප්‍රියදර්ශනී
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්.එම්. ජයවර්ධන

Friday, March 22, 2019

සාමයෙ කොඩි වැල්

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ සුදු මල් පෝයට පුද දුන්
පෙරදිග මල් මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කවි වැල්
ලෝකෙම රැව් දුන්
පෙරදිග කවි මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

ගායනය - අයිවෝ ඩෙනිස් සහ මාලිනී බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ප්‍රේමසිරි කේමදාස

Thursday, March 21, 2019

හිමි සනරාමර

හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ

හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ

හිමි සනරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්. එම්. ජයවර්ධන

දෑතින් වැඳල වැඳල

දෑතින් වැඳල වැඳල
දෑතින් වැඳල වැඳල
මහසෙන් රජුට කියල
මහසෙන් රජුට කියල
අහසින් වතුර ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

දෑතින් වැඳල වැඳල
දෑතින් වැඳල වැඳල
රහසෙන් කියල කියල
රහසෙන් කියල කියල
මුහුදෙන් වතුර ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

දෑසින් අඬල අඬල 
දෑසින් අඬල අඬල
රහසෙන් කියල කියල
රහසෙන් කියල කියල
මලකින් කඳුළු ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

ගායනය - මාලිනී බුලත්සිංහල සහ සන්ධ්‍යා බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාරථ හිිමි
තනුව - එච්.එම්. ජයවර්ධන

Tuesday, March 19, 2019

ලේ කිරි පොවා

ලේ කිරි පොවා
නුඹ හැදුවේ මලක් වගේ
දැඩිවෙන තුරා
නුඹ රැක්කේ දෑස වගේ

අත පැන් වඩා අත්වැල් බැඳ ගියා වගේ
ජීවත් වෙයන් හිත සතුටින් ගෙදර වගේ

හිත යට තියෙන දුක් ගිණි සඟවා නුඹටත් සඟවා
අතමිට හිඟයි ඒ බවවත් නොකියා මං නොකියා

හසරැලි මවා හිත සතුටින් බව අඟවා
මැණිකක් වගේ නුඹ හැදුවේ වයස ගෙවා

ලේ කිරි පොවා
නුඹ හැදුවේ මලක් වගේ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ප්‍රේමසිරි කේමදාස

ළමා වියේ කිරි සුවඳ ගියේ නැති

ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී
කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුණේ

සසර පුරුද්දක් හිතේ තියෙන්නැති
පෙර සංසාරේ පින් කරලා ඇති
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුණේ

පොඩි හාමුදුරුවො වාගේ සුරතල්
පුංචි ළමුන්ගේ කෙළි සෙල්ලම් දැක
සන්සුන් ගමනින් කොහිද වඩින්නේ
සෙල්ලම් පිට්ටනි පසු කරලා

ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී
කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුණේ

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ප්‍රේමසිරි කේමදාස