Saturday, April 20, 2019

කිරි සුවඳ අතින් ගෙන

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්
කහ වතින් සැරසී නුඹ
ගම් මැදට වඩින දින
මගේ හිතේ පිපේ පින් මල්

ගිහි ගෙවල් වලින් එන
ගිනි සුළං කෝඩ දැක
ඔබ ගියෙද මෙසේ පන්සල්

ගිනි සුළං නැතිද ඔහි
මල් සුවඳ ඇතිද ඔහි
දුක පමණි සසර දිග් කල්

දරු සෙනේ මහිම බල
දැන හැඳින ගතිමි මම
දුක නිසා හෙළූ කඳුළැල්

ඔබගෙ පා දොවන සඳ
ලොව්තුරා සිහින මැද
සිත් පුරා පිපේ සල් මල්

කිරි සුවඳ අතින් ගෙන
ගිහි ගෙයින් නික්ම ගිය
පොඩි පුතේ මගේ හුරතල්
කහ වතින් සැරසී නුඹ
ගම් මැදට වඩින දින
මගේ හිතේ පිපේ පින් මල්

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - සමන්ත පෙරේරා

No comments: