Showing posts with label විජය ගුණසිංහ. Show all posts
Showing posts with label විජය ගුණසිංහ. Show all posts

Sunday, December 8, 2013

කුස පබාවතී පුවතක්

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

සිංහල අවුරුද්දේ
පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ළඟ
බාල මස්සිනා
ජයම්පතී කුමරුන්

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

පබවත් හද තුල
අකුලක් මතුකළ
කොණ්ඩ කැවුම් මුහුණක් ආ ආ ආ
නිරිඳෙකු අත්හළ කුස මුසපත් කළ
සෝභමාන අඟනක් ආ ආ ආ
සෝභමාන අඟනක්
ඇය පබවත් බදු අඟනක් ආ ආ ආ
ආස්මියක රස පබවත් නළලත
කාන්තිමත් ළසඳක්

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

පබාවතී මම ඇලුම් කළා නොව
මංගල ඇතු මත්තේ
සවන් පෙතිග ළඹ නුවන් යුග ද දිගු
ඇයි අමතක චිත්තේ
මම ජයම්පතිය ළඳුනේ
සුරුවම් රුවටද බැඳුනේ
උරස් හරස් කර ගන්ට එපා සිත
කොකිස් නිසා ළඳුනේ

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්

සිංහල අවුරුද්දේ
පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ළඟ
බාල මස්සිනා
ජයම්පතී කුමරුන්

කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට
ඝණ්ඨා ගැට බෙර
නාද නඟන දවසක්
දවසක්

ගායනය - සේනානායක වේරලියද්ද
පද - විජය ගුණසිංහ
තනුව - සිරිල් පෙරේරා