Showing posts with label රොමානිස් පෙරේරා. Show all posts
Showing posts with label රොමානිස් පෙරේරා. Show all posts

Friday, October 16, 2020

නාවල අන්නාසි

නාවල අන්නසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා
ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳියප්පන් බොහොම රසා

නාවල අන්නසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා
ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳියප්පන් බොහොම රසා

නුවර පොල් හොදී
කොළඹ මස් කරී

නුවර පොල් හොදී
කොළඹ මස් කරී

දැනිලා රස බොහෝ
දැනිලා රස බොහෝ

බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම කන්ට හැකි බඩ පිරෙනකන්
එළවළු ව්‍යාංජන රත්නපුරේ
ලාබෙට ඇති ඕනෑතරම්

නාවල අන්නසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා
ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳියප්පන් බොහොම රසා

නාවල අන්නසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා
ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳියප්පන් බොහොම රසා

කටට රස ඇතී
රුහුණෙ මීකිරී

කටට රස ඇතී
රුහුණෙ මීකිරී

පැණි හා රස බොහෝ

නව ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ පිරිස
නව පද - සංස්කරණය කවරෙකුගේ දැයි නොදනිමි

මුල් ගායනය - රොමානිස් පෙරේරා (1927)
මුල් තනුව - ජේ.ඩී. මාර්ෂල් පෙරේරා

මුල් ගායනයේ පද

එක එක රටේ, එක එක කෑමේ, යස රස, අමුතු රස තිබෙනවා.
නාවල අන්නාසි,
කෝට්ටේ දොඩම් - වැල වරකා,
ගල්කිස්සේ සීනාක්කු,
මීගමුවේ අළුවා,

ෂහ්ක් බෝම රසයි.

කොම්පඤ්ඤවීදියෙ බම්බු පිට්ටු
ඒවාත් රසයි.
කොළොඹ මස් ක‍රි
හොඳට ගුණයි.

නුවර පොල්හොදි,
රත්නපුරේ එළවළු වෑංජන,
මූදුබඩ ගම් වල අළුත් හොදි,
මේ එක එක පැති වල ..
ඒ ඒ කෑමේ අමුතූ... රසක් තිබෙන බව රටේ ප්‍රසිද්ධයි.

නාවල අන්නසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා
ඒ ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳිඅප්පන් බොහොම රසා (ආ..)
නාවල අන්නසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා
ඒ ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳිඅප්පන් බොහොම රසා

නුවර පොල් හොදී
කොළඹ මස් කරී (කාලා බලපන්)
නුවර පොල් හොදී
කොළඹ මස් කරී
මුහුදූබඩෙහී

නුවර පොල් හොදී
කොළඹ මස් කරී (කාලා බලපන්)
නුවර පොල් හොදී
කොළඹ මස් කරී (මුදූ ...

බෝදන්ඩි අළුත් හොද්ද පොල් එක්ක කෑමට
කන්ට හැකි බඩ පැලෙනකන් ...//

එළවලු වෑංජන රත්නපුරේ
එළවලු වෑංජන රත්නපුරේ

හොඳට රස ඇතී
දකුණෙ මීකිරීi
(බීලා බලපන්)
හොඳට රස ඇතී
දකුණෙ මීකිරී
දැනිලා රස බෝ

හොඳට රස ඇතී
දකුණෙ මීකිරී
(බීලා බලපන්)
හොඳට රස ඇතී
දකුණෙ මීකිරී

ගාණට ඇති ඕනතරම්
ගාණට ඇති ඕනතරම්

නාවල අන්නසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා
ඒ ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්ඤවීදියෙ ඉඳිඅප්පන් බොහොම රසා ...//

ගායනය - රොමානිස් පෙරේරා
පද රචනය - අඥාතයි
තනුව - ජේ.ඩී. මාර්ෂල් පෙරේරා

හඬ තත්වය ඉතා දුර්වලයි. මෙතරමින් හෝ ගීය සුරැකි "මියුරු ගී" Inforlanka අඩවියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

ගීය තැටිගත කළේ 1927 දීය.
ODEON (German)
තැටි අංක - AE 41130

ගීයේ තනුව, නීතීඥ චාල්ස් ඩයස් මහතා ගේ "මායාවතී" නාටකයේ ඇතුළත්වූ “හෙට්ටි අපේ රට” ගීයේ අනුසාරයෙනි. "මායාවතී" නාටකයේම දෙවන නිෂ්පාදනයේ, හෙට්ටියෙකු වීථියක "නාවල අන්නසි" යන ගීය ගායනා විය. එහි තනුව, පළමු නාට්‍යයේ වූ “හෙට්ටි අපේ රට” ගීයේ තනුවම වේ.

ඉසුරු උදයංග කාරිවසම් මහතා, "සරසවිය" කලා පුවත් පතට සැපයූ ලිපියකන්, මා මෙමම තොරතුරු ලබාගත් බව සඳහන් කරන්නේ, ඉසුරු උදයංග කාරිවසම් මහතාට හා "සරසවිය" ට කෘතවේදිත්වය පුද කරමිනි.

එම ලිපිය සඳහා මෙතැනින් පිවිසෙන්න
(ඇසුරු කළ මූලාශ්‍ර ගැන ද එහි සඳහන් වේ)