Showing posts with label සරලා ජීවන්ති ගමගේ. Show all posts
Showing posts with label සරලා ජීවන්ති ගමගේ. Show all posts

Tuesday, September 13, 2016

රෝස මලෙක කටු ඇනුණා

රෝස මලෙක කටු ඇනුණා
හද පතුලෙන් ලේ ගැලුවා
මල් පෙති මත ලේ හැලුණා
මල රතු පාටින් දිලුණා ...//

රෝස මලට නෑ රිදුණේ
මලේ සිනා රැව් නැඟුණේ ..//

රෝස මලෙක කටු ඇනුණා
නෙත'ඟින් කඳුළක් වැටුණා ...//
මල් පෙති මත එය රැඳුණා
පිනි බිඳුවක් වී දිලුණා

රෝස මලට නෑ රිදුණේ
මලේ සිනා රැව් නැඟුණේ ...//

හිරු අවරට ගොස් ගිලුණා
රෝස මලේ පෙති හැලුණා  ...//
හදවත ඉකිබිඳ හැඬුවා
මල මත පරවී වැටුණා

රෝස මලට නෑ දැනුණේ
හදවත පෙම් කළ අරුමේ ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - සරලා ජීවන්ති ගමගේ
තනුව - රෝහණ වීරසිංහ