වැස්සක්
නොවැ එන්නේ ...//
හෝ
හෝ හෝ ගා ගෙන එන්නේ
ගස්
ගල් පෙරළෙන්නේ ..//
සුළං
තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ
වලාකුළක් මේ එන්නේ
අක්කේ
වී පැදුරත් මිදුලේ
අකුලා
ගෙට ගන්නේ ..//
අම්මත්
අර නා ගෙන එන්නේ //
මල්ලි
තවම කුඹුරේ //
සුළං
තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ
වලාකුළක් මේ එන්නේ
නංගි
සුදෝ මගෙ හඬන්ටෙපා
අම්ම
හනික දැන් එයි ...//
බිල්ලො
නොවෙයි ඔය ගොරවන්නේ //
අහසේ
හෙණ නාදේ //
සුළං
තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ
වලාකුළක් මේ එන්නේ
අක්කේ
දර ටික ගෙට ගනිමූ
වැහි
පොද වැටෙනවනේ ...//
වතුරත්
ඉවරයි කළ ගෙඩියේ //
හනික
ළිඳට යමුකෝ //
සුළං
තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ
වලාකුළක් මේ එන්නේ
අක්කෙ
අක්කෙ අර බලන්නකෝ
වැස්සක්
නොවැ එන්නේ
ගායනය
- සූරිය ශන්කර් මොල්ලිගොඩ සහ වී.පී. ලීලාවතී
පද
හා තනුව - ආනන්ද සමරකෝන්