Showing posts with label සිරි කුලරත්න. Show all posts
Showing posts with label සිරි කුලරත්න. Show all posts

Tuesday, February 26, 2019

දුක වනසන


දුක වනසන සැප ගෙනදෙන කාලේ
අද හිඟමන හෙට රජවන කාලේ
පින පලදෙන පව යට යන කාලේ
කල දුටු කල වල ඉහගනු රාළේ

සක්වල ජය ගන්නේ
මම රොකට් එකෙන් යන්නේ
මාතලි ගෙන්වන්නේ
මගෙ ඩ්‍රයිවර් කරගන්නේ
නන්දන උයනෙන් කොටසක් කුලියට අරගන්නේ
කප්රුක බදු ගන්නේ
මම සක්විති රජ වන්නේ
වාසනාව පයට පෑගුණා නේ //

අමෘතයෙන් ගැලුමක් ගෙන නොමිලෙ බෙදා දෙන්නේ
මල් හීසර දහසක් මම සල්ලි වලට ගන්නේ
අනංගයට අභියෝගෙට සටනට සැරසෙන්නේ
එතකොට මගෙ පින් පාටට කෙල්ලන් රැවටෙන්නේ
වාසනාව පයට පෑගුණා නේ //

දුක වනසන සැප ගෙනදෙන කාලේ
අද හිඟමන හෙට රජවන කාලේ
පින පලදෙන පව යට යන කාලේ
කල දුටු කල වල ඉහගනු රාළේ ....//

යේහ්... යං යං යං යං යං හායි
හහ්හහ් හහ්හහ් හහ්හහ් හා
මෙහෙට වරෙන් අල්මේදා
මෙහෙට වරෙන් අල්මේදා
හහ්හ හා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි සහ ෆ්‍රෙඩී සිල්වා
පද - සිරි කුලරත්න
සංගීත අධ්‍යක්ෂණය - සුමේධ හේවාවිතාරණ
1974 දී තිරගතවූ "වස්තුව" චිත්‍රපටියේ ගීයකි.

Thursday, April 30, 2015

රන් දේදුනු රන් පාටින්

අඅඅඅ ආ... ආ... ආ ආඅආ.....

රන් දේදුනු රන් පාටින්
වෙළුණ රන්වලා (රන් වලා)
රන්වන් රන් පැහැය මුදා
නිලඹරේ බලා (අඹර බලා)
සිහිල පවන අතිනත ගෙන දෑත විදාලා
ඉගිලී යනවා (ඉගිලි ඉගිලි ඉගිලි ඉගිලි යනවා) //

මොහොතින් මොහොතට රඟ දෙන්නේ
දවසින් දවසට පෙරළෙන්නේ
භවයෙන් භවයට උපදින්නේ
ඒ මිහිරි අනන්ථය හමුවන්නේ

අපට නැතේ එය හමුවන්නේ
අපට නැතේ එය ළං වන්නේ
..//

රිදී කඳන් පෙරළි පෙරළි සිඹින වැලි තලා
බටිති මලිති මුමුණ මුමුණ රඟති තටු සලා
පවස නිවන සිහිල දනන සොඳුරු තැනිතලා
ගයන වයන ගීත නදට විහඟ මත්වෙලා

මොහොතින් මොහොතට රඟ දෙන්නේ
දවසින් දවසට පෙරළෙන්නේ
භවයෙන් භවයට උපදින්නේ
ඒ මිහිරි අනන්ථය හමුවන්නේ

අපට නැතේ එය හමුවන්නේ
අපට නැතේ එය ළං වන්නේ
..//

ඉද්ද සමන් පිච්ච කැකුළු බැද්දෙ පිපීලා
බැද්ද තුළින් සිනිඳු උළුඳු පියලි ඉසීලා
තමර විලයි බමර කැළයි පොකුරු ගැසීලා
නෙතට ගැටෙයි ගීත ළයට රැඟුම් රඟාලා

මොහොතින් මොහොතට රඟ දෙන්නේ
දවසින් දවසට පෙරළෙන්නේ
භවයෙන් භවයට උපදින්නේ
ඒ මිහිරි අනන්ථය හමුවන්නේ

අපට නැතේ එය හමුවන්නේ
අපට නැතේ එය ළං වන්නේ
..//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සහ පිරිස
පද රචනය - සිරි කුලරත්න (ප්‍රථම චිත්‍රපට ගීත රචනය)
සංගීතය - - ආචාර්ය වික්ටර් රත්නායක

1973 දී තිරගතවූ "මාතර ආච්චි" චිත්‍රපටියේ ගීයකි.

Monday, April 20, 2015

පියාපත් සලා


පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ ....//

මල් ගොමු පිස එන මද නල අතරමඟකදී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී ...//
දසත සැරිසරා සෙව්වෙමි ගුවන් තල අරා
නොදැක ඔබෙ රුව සෝකය නැඟෙයි හද පුරා

පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ

සෙවණ ලදිමි තුරු ගොමුවල එය නො වෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ පි‍්‍රයේ ...//
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා

පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ ....//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි

මිල්ටන් මල්ලවාරච්චිගේ දෙවන EP  තැටිය ද 1969 වසරේ නිකුත් විය. මේ එහි අඩංගු වූ ගී හතරෙන් එකකි. (තැටි අංක Philips ​JVPC 1057 )

මුල් ගීය

පසු කලෙක කළ ගායනයක්