Showing posts with label රවි අලුත්ගේ. Show all posts
Showing posts with label රවි අලුත්ගේ. Show all posts

Wednesday, April 8, 2015

සඳ මලානිකයි

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ

නපුරු හීනය දැවටිලා
තනියට කඳුළු නිම්නය උතුරලා ...//
පවසට

මියුරු මතකය හැංගිලා
හිත යට කැකුළු පෙම් හිත වැහැරිලා ...//
අකලට

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ

ගායනය ප්‍රදීපා ධර්මදාස
පද රචනය - පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය - රවි අළුත්ගේ

Monday, April 6, 2015

විසල් පවුරු බිඳලා

විසල් පවුරු බිඳලා
විසල් පවුරු බිඳලා
උතුරින් දකුණට
දකුණින් උතුරට
නෑගම් යන්නට පාර තනා දුන්නා
රණවිරුවනි ඔබ
පාර තනා දුන්නා
විසල් පවුරු බිඳලා

දිය ගොඩ අහසේ
මහ පවුරක් සේ
නොසැලී නොබියව රළ පහරක් සේ ...//
දිවිහිමියෙන් ඔබ පෑ විකුමන්
කිසිදා අමතක කරණු කෙසේ

ලක් දැය සුවසේ
එක පවුලක් සේ
එක්ව නැගෙන්නට කදු සිරසක් සේ ...//
දිවිහිමියෙන් ඔබ පෑ විකුමන්
කිසිදා අමතක කරණු කෙසේ

විසල් පවුරු බිඳලා
විසල් පවුරු බිඳලා
උතුරින් දකුණට
දකුණින් උතුරට
නෑගම් යන්නට පාර තනා දුන්නා
රණවිරුවනි ඔබ
පාර තනා දුන්නා
විසල් පවුරු බිඳලා

ගායනය - අමරසිරි පීරිස් සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රවි අළුත්ගේ
තනුව හා සංගීතය - රවි අළුත්ගේ

Saturday, April 4, 2015

අඳුරු මේ රැය

අඳුරු මේ රැය දිගුයි
සොඳුර නුඹ කෝ කොහී ...//
රැයේ අඳුරට
පිපුණ කඩුපුල
නඟේ නුඹ වගේමැයි
පින්න ඉහිරුණ දුක උදෑසන
මගේ සිත වගේමයි

ඈත දේදුනු පාට ඇඳගෙන
තටු සලා නුඹ යයි

මියුරු සර නද
මිහිරි කිංකිණි
නුඹේ කටහඬ වගේමයි
දූලි තැවරුණු වියළි දහවල
මගේ සිත වගේමයි
ස්වරය ගිලිහුණු සිතාරය වෙත
මගේ සිත ගොළු ඇයි

අඳුරු මේ රැය දිගුයි
සොඳුර නුඹ කෝ කොහී ...//
සොඳුර නුඹ කෝ කොහී ///

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අශෝක ප්‍රියන්ත
තනුව - රවි අලුත්ගේ