අඳුරු මේ රැය දිගුයි
සොඳුර නුඹ කෝ කොහී ...//
රැයේ අඳුරට
පිපුණ කඩුපුල
නඟේ නුඹ වගේමැයි
පින්න ඉහිරුණ දුක උදෑසන
මගේ සිත වගේමයි
ඈත දේදුනු පාට ඇඳගෙන
තටු සලා නුඹ යයි
මියුරු සර නද
මිහිරි කිංකිණි
නුඹේ කටහඬ වගේමයි
දූලි තැවරුණු වියළි දහවල
මගේ සිත වගේමයි
ස්වරය ගිලිහුණු සිතාරය වෙත
මගේ සිත ගොළු ඇයි
අඳුරු මේ රැය දිගුයි
සොඳුර නුඹ කෝ කොහී ...//
සොඳුර නුඹ කෝ කොහී ///
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අශෝක ප්‍රියන්ත
තනුව - රවි අලුත්ගේ
No comments:
Post a Comment