Showing posts with label චන්ද්‍රදාස ප්‍රනාන්දු. Show all posts
Showing posts with label චන්ද්‍රදාස ප්‍රනාන්දු. Show all posts

Tuesday, December 18, 2018

ගෙලේ රන් මාල දා

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

රැන්දු සිනා සඳ වගෙ මුහුණේ
දැක්කාම හිත බැඳුණේ
පෙන්නා අගේ හද රැඳි සෙනෙහේ
ඉන්නම් බැඳී එක සේ
නැතේ දායාද ඕනේ
කිසිදාක නෝනේ
ඔය දෑත හිමි වේ නම්
සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගෙ රැකගන්නම්
මගේ පණ වාගෙ රැකගන්නම්

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

බන්දා තොරන් හැමටම කියලා
හත් දා මඟුල් කනවා
කැන්දා අරන් යන දා මැණිකා
ගම්මානේ එළිවෙනවා
පැලේ රන් පහන වාගේ
ඔබ ඉන්න ඕනේ
හැමදාම සන්තෝසෙන්
සුදු නෑනා මාගේ කරකාරේ බැඳ ගෙන පණ වාගේ රැකගන්නම්
මගේ පන වාගේ රැකගන්නම්

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී

මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී

මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

ගායනය - උපාලි කන්නංගර
පද - චන්ද්‍රදාස ප්‍රනාන්දු
තනුව - උපාලි කන්නංගර