Showing posts with label රංජිත් බාලසූරිය. Show all posts
Showing posts with label රංජිත් බාලසූරිය. Show all posts

Tuesday, October 4, 2016

යුග යුග රංජිත

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන් ..//

දැමුවත් රුපුනොද තෙද කඳ සිඳ බිඳ
නැඟුවත් ජය නද ජය දද බැඳ බැඳ
ගිනි ගත් අවි හැම අත එසවෙන සඳ
නිදහස් සුවයක සුව නොම වැටහෙද

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන්

උඩිනුත් ගෙන සැරුවත් විලිකුන් ඵල
නොයෙකුත් පැහැ ගත් නන් සියොතුන් කැළ
තිබුණත් මුළු ලොව වෙත අම මල් ඵල
නිදහස් රැස කිසි දින නොතැවෙයි බල

යුග යුග රංජිත න‍ර‍ විරුවන්
යුද වැද වන්දිත රජ දරුවන්
කළ හද නන්දිත දුක දුරුවන්
නැත වෙන සම්පත නිදහස වන් ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - යමුනා මාලිනී පෙරේරා
තනුව - රංජිත් බාලසූරිය