Showing posts with label විමල් පුෂ්පකුමාර. Show all posts
Showing posts with label විමල් පුෂ්පකුමාර. Show all posts

Thursday, April 16, 2015

පිපුණු මල් දෙකක්


පිපුණු මල් දෙකක් අතරට වීලා
පුංචි කැකුළියක් මල් පෙති විදහා
සිනාසෙන්න දඟලන රන් මොහොතක
සොබාදමත් දිලුණා

සුරංගනා ගීතයෙන් නැළවිලා
දේදුනු ඕවිල්ලක සැතපීලා ...//
සිහින සිය දහස් අතරින් අවදිව
දූ නදී හිනැහෙනවා

පිපුණු මල් දෙකක් අතරට වීලා
පුංචි කැකුළියක් මල් පෙති විදහා
සිනාසෙන්න දඟලන රන් මොහොතක
සොබාදමත් දිලුණා

සිඟිති දෙපා වැටි වැටි ඔසවාලා
දෑත් විදා මා උකුළට පැනලා ...//
තාත්ති සුරතල් බසින් දොඩ දොඩා
දූ නදී හිනැහෙනවා ///.

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - විමල් පුෂ්පකුමාර
තනුව - උපාලි කන්නංගර