Showing posts with label ශ්‍රී එෆ්. එම්. Show all posts
Showing posts with label ශ්‍රී එෆ්. එම්. Show all posts

Tuesday, April 7, 2015

සඳ ගිනිගත් රැයකදි

සඳ ගිණිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා

මියදුනත් සටන් බිමේ
ඔබේ දිවි පුදා
ඔබ මගේ සිත පුරා
ඉන්නවා දිවි තුරා

සඳ ගිණිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා

( ශ්‍රී හැදූ ගී)

ළසෝ සුසුම් සැළී
කඳුළු පිරී මගේ දෑස්
හැඬුවා
ඔබේ කතා දෙසවනේ රැව් නැඟී

සඳ ගිණිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා

සොයා එතැයි සිතේවී රෑ
සිහිනේ වී
සදා සොවින් තැවෙනා මෙමා

සඳ ගිණිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා ...//

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
ශ්‍රී එෆ්. එම් නාලිකාව ගී රැසක් ම එළි දැක්වූවා "ශ්‍රී හැදූ ගී" යනුවෙන්. මේ ඉන් එක් ගීයක්.