Showing posts with label වජිරා බාලසූරිය. Show all posts
Showing posts with label වජිරා බාලසූරිය. Show all posts

Tuesday, October 5, 2021

දේ සවන පිනන ගී රාවේ

දේ සවන පිනන ගී රාවේ
දේ සවන පිනන ගී රාවේ මිහිරී
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ

ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා හා
ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා මේ අමා ගී දෙන්නේ

පිපුණු වනමල් සඳ කැළුම් හා
පිපුණු වනමල් සඳ කැළුම් හා
දිලී දිලී රඟ දෙන්නේ
සිත් ප්‍රබෝදේ වේ

මිරිදියෙනී නෙළා කුසුම්
මිරිදියෙනී නෙළා කුසුම්
මේ නිසංසලේ ඉඳ සෑදී
ගයමු ගයමු මේ රෑ මනරම්
ගී ගයමු ගයමු මේ රෑ මනරම්
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ
දේ සවන පිනන ගී රාවේ

ගායනය - වජිරා බාලසූරිය සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව (එවකට ඇල්බට් පෙරේරා)
පද - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව හා සංගීතය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

1940 දශකයේ නිර්මානය වුණු ගීයකි.

Sunday, January 13, 2019

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි


අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා..//

වතුර ටිකක් පොවාලා
උකුළ උඩින් දමාලා..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි//
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි ගයාලා//
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් ගොතාලා//
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී..//

ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ..//

කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ..//

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..//

ගායනය - වජිරා බාලසූරිය
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.ඩබ්. පීරිස් 

Wednesday, March 4, 2015

ප්‍රේම තටාකේ

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ ..//
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැළි මේ වැව් ඉවුරෙ වදින්නේ
ප්‍රේම තටාකේ

මග‍ෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ

චම්පා චම්පා කියලයි ‍මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ ...//
ඔබෙ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ
ප්‍රේම තටාකේ

හිමියනි ඔබගේ පුළුලුර තලයෙහි
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ
මගෙ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ

අනාගතේ මෙහි
පෙම් රස විඳිනා
හදවත් වලටයි
රසය දැනෙන්නේ ...//
ඒකයි මැණිකේ
මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ප්‍රේම තටාකේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග රශ්මි සංගීතා
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

මෙම ගීයේ මුල් ගැයුම පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග වජිරා බාලසූරියගේය.