Tuesday, October 5, 2021

දේ සවන පිනන ගී රාවේ

දේ සවන පිනන ගී රාවේ
දේ සවන පිනන ගී රාවේ මිහිරී
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ

ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා හා
ඇයි ද මා වන සුන්දර රාණී
මේ අමා ගී දෙන්නේ
හා මේ අමා ගී දෙන්නේ

පිපුණු වනමල් සඳ කැළුම් හා
පිපුණු වනමල් සඳ කැළුම් හා
දිලී දිලී රඟ දෙන්නේ
සිත් ප්‍රබෝදේ වේ

මිරිදියෙනී නෙළා කුසුම්
මිරිදියෙනී නෙළා කුසුම්
මේ නිසංසලේ ඉඳ සෑදී
ගයමු ගයමු මේ රෑ මනරම්
ගී ගයමු ගයමු මේ රෑ මනරම්
සිත් ප්‍රබෝදේ වේ
නැඟී නැඟී රැව් දෙමිනේ
නැඟී නැඟී රැව් දෙමිනේ
මේ නිසල රෑ යාමේ
හා හා සඳ රැසින් දිලුණාවූ
මේ නිසල රෑ යාමේ
දේ සවන පිනන ගී රාවේ

ගායනය - වජිරා බාලසූරිය සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව (එවකට ඇල්බට් පෙරේරා)
පද - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව හා සංගීතය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

1940 දශකයේ නිර්මානය වුණු ගීයකි.

No comments: