Showing posts with label ඒ.ජේ. ද සොයිසා. Show all posts
Showing posts with label ඒ.ජේ. ද සොයිසා. Show all posts

Sunday, August 9, 2026

ඇයි තවම නිදා ඉන්නේ

ඇයි තවම නිදා ඉන්නේ (ඒ...ඒ...

නැගිටින් කියා වඩින්නේ (ඒ...ඒ...

දිනිඳා අඹරේ 

සියලු දෙනාගේ සුව පිණිසා


එළි වීය අහෝ

එළි වීය අහෝ කන්ට සොයා යන්ට ඉතින්නේ

අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ

අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ


උදයේහි පටන් රෑ වන තෙක් දෝත නඟාලා

එරවුම් ගෙරවුම් සෑම අතින් ⁣දෝස අසාලා


පය ගෙවෙන තුරා ඇවිද ගියත්

පාරක් ගානේ (ඒ..ඕඕඕ .....

නැත බත් වේලක් දෙන්ට කෙනෙක් 

මේ කුස පුරලා

අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ

අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ


ඊර්ෂ්‍යාව ක්‍රෝධ අසරණයට නෑ තේරෙන්නේ

එනිසාම තමයි දුකට වැටී ඔහු ළතැවෙන්නේ


පොහොසත් වුණ දා අසරණයා ඇයි පාගන්නේ (ඒ..ඕඕඕ .....

මිනිහාට තමයි දුක හා සැප දෙකම ලැබෙන්නේ

අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ

අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ


ආලෝකය හා අඳුර ලොවේ සමව ලැබෙන්නේ

ඉපයූ කිසිවක් නෑ කිසිවෙක් අරගෙන යන්නේ


දුප්පත් මිනිහත් මේ ලෝකෙයි ජිවත් වන්නේ (ඒ..ඕඕඕ .....

ඇයි අසරණයට යමක් නොදී මේ දුක දෙන්නේ

අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ


අයියෝ කවදද අසරණයා ලෝ සැනසෙන්නේ...///


ගායනය - මොහිදීන් බෙග්

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - චිත්‍රගුප්ත් ශ්‍රීවස්තව

සංගීතය - පී.එස්. දිවාකර්


1958 දී තිරගතවූ "සල්ලි මල්ලි සල්ලි" චිත්‍රපටියේ ගීයකි.


1956 දී භාරතයේ තිරගතවූ Insaaf හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ Daulat Ke Andhere Mein යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


"කොළම්බියා" ලේබලයෙන් තැටි අංක GES. 1048 යටතේ තැටියට නැංවුණි.




තනුව උපුටා ගත් හින්දි ගීතය

दौलत के अँधेरे में तेरा खो गया ईमान

तुझको ना रही अपने पराए की भी पहचान

मगरूर ना हो मगरूर ना हो

अपने मुकद्दर ओ नादान

अल्लाह की नजरो में बराबर है सब इंसान

अल्लाह की नजरो में बराबर है सब इंसान

दुनिया का अजब रंग नज़र आने लगा है

एक भाई है जो भाई से टकराने लगा है

एक बेटा है जो मुझे भी ठुकराने लगा है

अफ़सोस के इंसान बन जाता है शैतान

अल्लाह की नजरो में बराबर है सब इंसान

अल्लाह की नजरो में बराबर है सब इंसान


ज़ालिम को हर एक ज़ुल्म से बाज़ आना पड़ेगा

लुटी हुई हर चीज़ को लौटाना पड़ेगा

इन्साफ की आवाज पर झुक जाना पड़ेगा

कुदरत का ये कानून बदलना नहीं आसान

अल्लाह की नजरो में बराबर है सब इंसान

अल्लाह की नजरो में बराबर है सब इंसान


ये साज़ ये महफ़िल ये तराने ना रहेंगे

ये हुस्न मोहब्बत के फ़साने ना रहेंगे

जो आज है कल तक वो जमाने ना रहेंगे

मिट जायेंगे एक पल में गुनाहो के ये समा

अल्लाह की नजरो में बराबर है सब इंसान

अल्लाह की नजरो में बराबर है सब इंसान

अल्लाह की नजरो में बराबर है सब इंसान


daulat ke andhere me tera kho gaya iman

tujhko na rahi apne paraye ki bhi pehchan

magrur na ho magrur na ho

apne mukaddar o nadan

allah ki nazro me barabar hai sab insan

allah ki nazro me barabar hai sab insan

duniya ka ajab rang nazar aane laga hai

ek bhai hai jo bhai se takrane laga hai

ek beta hai jo ma ko bhi thukrane laga hai

afsosh ke insan bana jata hai saitan

allah ki nazro me barabar hai sab insan

allah ki nazro me barabar hai sab insan


zalim ko har ek zulm se baz aana padega

luti huyi har chij ko lautana padega

insaf ki aawz pe jhuk jana padega

kudrat ka ye kanun badalna nahi aasan

allah ki nazro me barabar hai sab insan

allah ki nazro me barabar hai sab insan


ye saz ye mehfil ye tarane na rahenge

ye husno mohabbat ke fasane na rahenge

jo aaj hai kal tak wo zamane na rahenge

mit jayenge ek pal me gunaho ke ye sama

allah ki nazro me barabar hai sab insan

allah ki nazro me barabar hai sab insan

allah ki nazro me barabar hai sab insan


Song - Daulat Ke Andhere Mein

Singer - Mohammed Rafi

Lyricist - Asad Bhopali

Music Composer - Chitragupt (Chitragupta Shrivastava)

Movie - Insaaf (1956)


Sunday, July 5, 2026

ආදරේ බැඳුණා සිතේ

ආදරේ බැඳුණා සිතේ (ඒඒ....

පෙම් කුසුමක් පිපුණා ළයේ හී

අනඟා මේ ගැන මා හට සරදම් 

කරතිය මේ වෙලේහී


ආදරේ බැඳුණා සිතේ (ඒඒ....

පෙම් කුසුමක් පිපුණා ළයේ හී

ආ..


ආආ ආ... ආ.... ආ..  


ආලෙ මිහිරියි මී පැණි සේ

ඒ මධු පානේ මා කැළඹූවේ ...//


ශෝක නිමා වී ප්‍රීතී දේවී

යෞවන මා නළ⁣වාවී


ආදරේ බැඳුණා සිතේ (ඒඒ....

පෙම් කුසුමක් පිපුණා ළයේ හී

ආ..


ආආ ආ... ආ.... ආ..  


රූපේ සෝබා ලියයි ගෙනාවේ

නමුත් මගේ සුදා එය පැරදූවේ ..//


ප්‍රේම පිපාසේ ආවා නැංවී

ඔහුගේ රූපෙ ශ්‍රීයාවේ 


ආදරේ බැඳුණා සිතේ (ඒඒ....

පෙම් කුසුමක් පිපුණා ළයේ හී

ආ..


ගායනය - මේබල් බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.


1951 දී භාරතයේ තිරගතවූ Nadaan හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ Aa Teri Tasveer Bana Loon ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

आ तेरी तस्वीर बना लू

मैं अपनी तक़दीर बना लू

दिल के कोरे कागज़ पर

उल्फत की लकीर बना लू

आ तेरी तस्वीर बना लू


रंग हमारे तेरी जवानी

बन जाए एक प्रेम कहानी

रंग हमारे तेरी जवानी

बन जाए एक प्रेम कहानी

दूर किसी को लेने जेक

सुन लो और सुना लो

आ तेरी तस्वीर बना लू

मैं अपनी तक़दीर बना लू


बल है बादल जैसे काले

सागर से नैना मतवाले

बल है बादल जैसे काले

सागर से नैना मतवाले

तेरे गुलाबी गालों से

जी करता है रंग चुरा लो

आ तेरी तस्वीर बना लू

मैं अपनी तक़दीर बना लू

दिल के कोरे कागज़ पर

उल्फत की लकीर बना लू

आ तेरी तस्वीर बना लू

मैं अपनी तक़दीर बना लू


Aa teri tasveer bana lu

Main apani taqdeer bana lu

Dil ke kore kagaz par

Ulfat ki lakir bana lu

Aa teri tasveer bana lu


Rang hamare teri javani

Ban jaaye ek prem kahani

Rang hamare teri javani

Ban jaaye ek prem kahani

Dur kisi ko lene jake

Sun lu aur suna lu

Aa teri tasveer bana lu

Main apani taqdeer bana lu


Bal hai badal jaise kale

Sagar se naina matwale

Bal hai badal jaise kale

Sagar se naina matwale

Tere gulabi gaalon se

Ji karta hai rang chura lu

Aa teri tasveer bana lu

Main apani taqdeer bana lu

Dil ke kore kagaz par

Ulfat ki lakir bana lu

Aa teri tasveer bana lu

Main apani taqdeer bana lu



Singer - Talat Mahmood

Lyricist - Pyarelal Santoshi

Music Composer - Chic Chocolate (Antonio Xavier Vaz)

Movie - Nadaan (1951)

කරුණා ජලේ ගලාලා

කරුණා ජලේ ගලාලා

නිවුණාය සෝක ජාලා

නිවුණාය සෝක ජාලා ...//


ප්‍රේමේ නැගී සිතේ හී

නොදැනේ දිවා රැයේහී

වෙනසක් එයින් මුලා වී ....//


හාවා හඳේ ඇඳී සේ

ඇඳුණා ඔබේ ස්වරූපේ

ඇඳුණා ඔබේ ස්වරූපේ


පෙම් මාලිගේ තනාලා

ගෙවදින්න ප්‍රීති වීලා

සනසන්න එන්න මා හා ...//


ජීවේ මගේ සුදා වේ

නොයනූය ගින්න දීලා

නොයනූය ගින්න දීලා


කරුණා ජලේ ගලාලා

නිවුණාය සෝක ජාලා

නිවුණාය සෝක ජාලා ...//


ගායනය - ෂර්ලි බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.


1951 දී භාරතයේ තිරගතවූ Khazana හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Karde Zara Ishara ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

कर दे जरा इशारा

तेरे नाम का सहारा

तेरे नाम का सहारा

कर दे जरा इशारा

तेरे नाम का सहारा

तेरे नाम का सहारा


छायी हुई सियाही

भटका हुआ है राही

सर पर खड़ी तबाही

छायी हुई सियाही

भटका हुआ है राही

सर पर खड़ी तबाही

तेरी रज़ा से चमके, डूबा हुआ सितारा

तेरे नाम का सहारा


अंजाम जिंदगी का

दिल को डरा रहा है

तूफ़ान आ रहा है

अंजाम जिंदगी का

दिल को डरा रहा है

तूफ़ान आ रहा है

तू ही उसे बचा ले, दुनिया ने जिसको मारा

तेरे नाम का सहारा

कर दे जरा इशारा

तेरे नाम का सहारा

तेरे नाम का सहारा


kar de jara ishara

tere naam ka sahara

tere naam ka sahara

kar de jara ishara

tere naam ka sahara

tere naam ka sahara


chhayi huyi siyahi

bhatka hua hai raahi

sar par khadi tabahi

chhayi huyi siyahi

bhatka hua hai raahi

sar par khadi tabahi

teri raza se chamke, duba hua sitara

tere naam ka sahara


anjaam zindagi ka

dil ko dara raha hai

tufan aa raha hai

anjaam zindagi ka

dil ko dara raha hai

tufan aa raha hai

tu hi use bacha le, duniya ne jisko mara

tere naam ka sahara

kar de jara ishara

tere naam ka sahara

tere naam ka sahara


Song - Kar De Jara Ishara

Singer - Lata Mangeshkar

Lyricist - Rajinder Krishan

Composer - Chitalkar Ramchandra

Movie - Khazana (1951)


දුප්පතාගේ ආණ්ඩුවයි මේ

දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ
දුප්පතාමයි සෑදුවේ
දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ
දුප්පතාටා වාසී වේ
ලංකාදීප හී වීර භාවේ
ආරක්ෂා වේවා සදා
ජාති මානේ හා අභිමානෙනී

බැබලේවා ශ්‍රී ලංකා


කෑ ගැසූ හින්දා වනලිය ඉල්ලා නිදහසේ දුන්නා

දෙවියන් පිහිටෙන් මහජන ආණ්ඩුව

බෝ කල් සැරදෙන්නා

හොරකම් පෑවත් මැරකම් පෑවත්

අපටයි ඒ දුන්නේ

තරුණන් මැද්දේ තරුණෙක් වාගේ

වනලිය උන්නා නේ


දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාටයි සෑදුවේ

දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාටා වාසි වේ


ලංකාදීප හී වීර භාවේ

ආරක්ෂා වේවා සදා

ජාති මානේ හා අභිමානෙනී

බැබලේවා ශ්‍රී ලංකා


ලංකා මාතා ප්‍රීති වේවා සාමේ රැකදේවා

ජාති ප්‍රේමී දේශ ප්‍රේමී සිංහලයින් වේවා

ලංකා නාමේ ලෝ ඉතිහාසේ නොමැකී පවතීවා

කිරියෙන් පැණියෙන් ඉතිරී පැතිරී

ශ්‍රීයෙන් ඔප වේවා


දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාමයි සෑදුවේ

දුප්පතාගේ ම ආණ්ඩුවයි මේ

දුප්පතාටා වාසී වේ


ලංකාදීප හී වීර භාවේ

ආරක්ෂා වේවා සදා

ජාති මානේ හා අභිමානෙනී

බැබලේවා ශ්‍රී ලංකා


ගායනය - සමූහ ගායනයට එක්වුණා

ආර්.ඒ. චන්දුසේන, මොහිදීන් බෙග්, ග්‍රේස් ජයමාන්න සහ බ්ලයිත් සොයුරියෝ

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


Saturday, July 4, 2026

මල් පිපිලා මේ සුවඳින්

මල් පිපිලා මේ සුවඳින්

රුං රුං ගාමින් බඹරුන්

හඬ දීලා ගීත කියාලා නාදේ පාවී සිරිය මවා .....//


කාන්ති කාන්ති පාවී ගස් වැල් පීදීලා


පක්ෂින්ගේ නාදෙන් ප්‍රීති වෙලා //

සෝබන මුව රැළ නටති බලා

මේ සෝබන මුව රැළ නටති බලා

මිහිරිය මාවතේහි සිරිය පවා

ආ....

මිහිරිය මාවතේහි සිරිය පවා


කාන්ති කාන්ති පාවී ගස් වැල් පීදීලා

මල් පිපිලා මේ සුවඳින්

රුං රුං ගාමින් බඹරුන්

හඬ දීලා ගීත කියාලා නාදේ


නිල් අහසේ පාවෙන සිනිඳු වලා ....//

මේ වණ රැජිණිය සතුටු කළා 

ආ මේ වණ රැජිණිය සතුටු කළා


නිදහස හා සුවේ දී සුළඟ පවා

හා නිදහස හා සුවේ දී සුළඟ පවා


කාන්ති කාන්ති පාවී ගස් වැල් පීදීලා 

මල් පිපිලා මේ සුවඳින්

රුං රුං ගාමින් බඹරුන්

හඬ දීලා ගීත කියාලා නාදේ පාවී සිරිය මවා

කාන්ති කාන්ති පාවී ගස් වැල් පීදීලා 


ගායනය - ෂර්ලි බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.