Showing posts with label නාරද දිසාසේකර. Show all posts
Showing posts with label නාරද දිසාසේකර. Show all posts

Friday, January 16, 2026

පුෂ්ප මකරන්දය මාගේ

පුෂ්ප මකරන්දය මාගේ
බෘංග මදිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ 


බෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ 


පුෂ්ප මකරන්දය මාගේ 


ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..

ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..


සුවඳ හමන දිගන්තේ

ප්‍රේම මධුර වසන්තේ

මල් පීදුණ කැදැල්ලේ

කෝකිලයකු තුරුල්ලේ 


ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..

ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..


ලියලන ආදර සෙනේ

ලොව සුවදායක කළේ

රන් මිණි මුතු වැල් තියේ

මගෙ හිත ගිය මාළිගේ 


පුෂ්ප මකරන්දය මාගේ

බෘංග මදිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ 


බෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ 


පුෂ්ප මකරන්දය මාගේ


ගායනය - සුජාතා අත්තනායක සමග නාරද දිසාසේකර

පද - නිහාල් ඒ. ජයසිංහ

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1966 දී තිරගතවූ "සිහින හතක්" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීයේ රූප රාම වල රඟපෑවේ සන්ධ්‍යා කුමාරි සමග ටෝනි රණසිංහ




ගීතයේ සිනමා රූප රාමු


Monday, February 27, 2017

ඈත ගව් ගණන් දුරින්

ඈත ගව් ගණන් දුරින්
ලෝකයේ නොයෙක් රටින් ...//
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල //
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල

සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල
සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල

පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //
ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්
නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ //
පත්තරේට වැටෙනකල් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල //
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල ///...

ගායනය - නාරද දිසාසේකර සහ පිරිස
පද - මහගම සේකර
තනුව - ඩබ්.ඩී. අමරදේව
1964 දී තිරගතවූ ‘ගැටවරයෝ’ චිත්‍රපටියේ ගීයකි.


"රිදී රැයක් 3" ප්‍රසංග වේදිකාව ට පෑයූවා තරු රැසක්, මේ ගීය ට පහත විලාසිතා ඉදිරිපත් කරමින් .....



‘ගැටවරයෝ’ චිත්‍රපටියේ ගීය (දුර්වල වීඩියෝවකි - රූප රාමු වල අයිතිය ජාතික රූපවාහිනිය සතුයි)


Monday, January 23, 2017

ලස්සන සැමදේ


රූපං ජීරතී මඡ්ඡානං
නාමගොත්ථං නජීරතී
නාමගොත්ථං නජීරතී
නාමගොත්ථං නජීරතී

ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ
එහි කෙළවර දුකදේ

ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ
එහි කෙළවර දුකදේ
ලස්සන සැමදේ මොහොතක සුවදේ

දෙනෙත පෙනේ නම්
සුවඳ දැනේ නම්
සවන බිහිරි නැති නම්
සැපට වශීවී විපතට ලංවී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
සියල්ල ලෝකේ වැනසී යයි
සියල්ල ලෝකේ වැනසී යයි
දිරා ජරාවට යයි
දිරා ජරාවට යයි

දෙනෙත පෙනේ නම්
සුවඳ දැනේ නම්
සවන බිහිරි නැති නම්
සැපට වශීවී විපතට ලංවී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
බුදු දහමින් තොර සැපක් නැතේ
බුදු දහමින් තොර සැපක් නැතේ

පරම සුවය ඒකයි
පරම සුවය ඒකයි
පරම සුවය ඒකයි

ගායනය - නාරද දිසාසේකර සහ ජීවරාණි කුරුකුලසූරිය
ගී පද - කරුණාරත්න අබේසේකර
තනුව - නාරද දිසාසේකර
1967 දී තිරගත වූ හතර කේන්දරේ චිත්‍රපටියේ ගීයකි.

ගීයේ ශ්‍රව්‍ය ගුණය ගැන සමාවන්න

Tuesday, January 3, 2017

චන්දන ඇඟ ගාලා

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

වී කොටලා ඊයෙ හවස මං
නා ගත්තා අවදිවී උදෙන් ...//

ගම්මුන් අපි වාගේ
කම්මැලි වී බෑනේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..
ආඅ ආඅ ආඅ ආ...

සිහි නැති ගෑණියක් මා වගේ
කළේ මතක නැතිවුණා ගඟේ ...//

මොටද හැරී යන්නේ
කවුද ඕක ගන්නේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ... ////.

ගායනය - නාරද දිසාසේකර සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - කුලරත්න තෙන්නකෝන්

Thursday, December 5, 2013

ඈත ගව් ගණන් දුරින්

ඈත ගව් ගණන් දුරින්
ලෝකයේ නොයෙක් රටින්
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල

සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල
සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල

පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //
ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්
නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ //
පත්තරේට වැටෙනකල් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ///

ගායනය - නාරද දිසාසේකර සහ පිරිස
පද - මහගම සේකර
තනු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ගැටවරයෝ චිත්‍රපටියෙන්

මලින් මලේ රේණු උරා

මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

ජීවිතයේ සැපත උදා කරන විලාසේ
මී බඳුනේ මූණ පෙනී සතුට සිනා සේ..//

ගී ගයලා මත් වීලා //
ඔකඳ වෙලා නැලවීලා
සිනහ මුවින් නැගෙන උදම්…

මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

පර සතුරන් මෙරටට ආ ඉස්සර කාලේ
අපිම තමා රණ මඬලේ පෙරමුණ ගත්තේ..//

රට වෙනුවෙන් යුද කරලා
ඒ සතුරන් දුරු කරලා
මෙහෙම තමයි අපි බිව්වේ ජයපානේ

මලින් මලේ රේණු උරා//
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

ගායනය - නාරද දිසාසේකර සහ පිරිස
පද - මහගම සේකර
තනු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්‍රපටියෙන්